December, 8, 2025
ටොරින්ටන් ක්‍රීඩාංගනය තරඟකාරීවයෙන් ඒකාලෝක කරමින් සෙලින්කෝ ලයිෆ් 2025 ක්‍රීඩා උළෙල මෑතකදී පවත්වන ලදී. සමාගම විසින් පවත්වන වසරේ විශාලතම ක්‍රීඩා දිනය වෙනුවෙන් සියලුම ප්‍රධාන ව්‍යාපාරික කණ්ඩායම්, ප්‍රධාන කාර්යාලය සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය නියෝජනය කරමින් 1,200 ක පමණ පිරිසක් සහභාගී විය.
මෙම ක්‍රීඩා උත්සවය මගින් තම ආයතනවල සේවකයින්ගේ සෞඛ්‍යය හා යහපැවැත්ම වෙනුවෙන් සෙලින්කෝ ලයිෆ් හි ඇති කැපවීම පෙන්නුම් කිරීම පමණක් නොව, වයස අවුරුදු 20 සිට 65 දක්වා වූ තරඟතරුවන්ගේ සහභාගීත්වයෙන් පරම්පරා කීපයක පිරිස් එක්රැස් කරමින් එකමුතුකම මත ගොඩනැගුනු සංස්කෘතියක් පිළිඹිඹු කිරීමට සමාගමට හැකියාව ලැබිණි.
මීටර් 100 ඉසව්වේ සිට මීටර් 1,500 දක්වා වූ ධවන තරඟ සහ දුර පැනීම, උස පැනීම, යගුලිය දැමීම සහ කවපෙත්ත විසිකිරීම වැනි පිටිය තරඟ ඉසව් රැසක් ක්‍රීඩාංගනය උණුසුම් කළ අතර ඇවිදීමේ තරඟය සහ උද්යෝගීමත් වූ කඹ ඇදීමේ තරඟය මෙම උළෙලට අමතර රසයක් එක් කළහ.
මෙම වසරේ උත්සවයේ එක් අංගයක් ලෙස සැප්තැම්බර් මස පැවැති ක්‍රිකට්, බැඩ්මින්ටන්, නෙට්බෝල් සහ වොලිබෝල් යන කණ්ඩායම් ඉසව් වල අවසන් තරඟ වට පවත්වන ලදී. එහි අවසන් ලකුණු ගණනයට අනුව PK කණ්ඩායම සමස්ත ශූරතාවය දිනාගත් අතර, NS/KS කණ්ඩායම අනුශූරතාවය දිනා ගත්තේ ය.
තවද, එහිදී තරඟකරුවන්ගේ තනි දක්ෂතා ද ඉස්මතු කරමින් ST කණ්ඩායමේ W.D.V කාවින්ද මහතා හොඳම ක්‍රීඩකයා ලෙස කිරුළු පැළඳූ අතර TV කණ්ඩායමේ A.D සාගරිකා මහත්මිය හොඳම ක්‍රීඩිකාව ලෙස කිරුළු පැළඳී ය. සමාගම පුරා කණ්ඩායම් හැඟීම, දක්ෂතා සහ ක්‍රීඩා ලෝලී බව සමරමින් ක්‍රීඩා උලෙළ නිමා විය.
සමාගමේ ක්‍රීඩා සමාජයේ සභාපති වන චමත් අල්විස් මහතා පැවසුවේ නොබිඳෙන ධනාත්මක සංස්කෘතියක් ඇති කිරීමට සහ එහි සේවකයින්ට හා අලෙවි නියෝජිත බලකායට සහාය වීම වෙනුවෙන් සෙලින්කෝ ලයිෆ් දක්වන කැපවීම ශක්තිමත් කිරීමට, මෙම ක්‍රීඩා උලෙළ උපකාරී වූ බවයි.
“සෙලින්කෝ ලයිෆ් අපි විශ්වාස කරන්නේ අපගේ සේවකයින් අතර සෞඛ්‍යය හා යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම, අපගේ මෙහෙවරෙහි මූලික අංගයක් වන බවයි. අප සියලු දෙනාට ම එකට එක් වීමට, ජයග්‍රහණ එක්ව සැමරීමට මෙන් ම සේවක එකමුතුකම සහ විශිෂ්ටත්වය ළඟා කර ගැනීම වෙනුවෙන් වූ අපගේ කැපවීම ශක්තිමත් කිරීමට මෙම ක්‍රීඩා උළෙල අපූරු අවස්ථාවක්,” යනුවෙන් ඔහු තවදුරටත් පැවසීය.

සේයාරු සටහන: සෙලින්කෝ ලයිෆ් ක්‍රීඩා උළෙලේ ශූරතා සහ අනුශූරතා දිනාගත් ජයග්‍රාහකයින් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක සහ ප්‍රධාන විධායක නිලධාරී තුෂාර රණසිංහ මහතා අතින් තම කුසලාන ලබා ගන්නා අවස්ථාව.
Video Story