ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි JASTECA සම්මාන උළෙලේදී පිදුම් ලබයි

    December, 9, 2025

    මෙරට මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් (DPMC) විසින් පසුගියදා පැවැති 'ඉයන් දියස් අබේසිංහ අනුස්මරණ' JASTECA CSR / තිරසාර සම්මාන උළෙලේදී කුසලතා (Merit) සම්මානයක් දිනා ගැනීමට සමත් විය.

    ශ්‍රී ලංකාවේ ජපන් කළමනාකරණ මූලධර්ම, තාක්ෂණික සහයෝගිතාව සහ තිරසාර ව්‍යාපාර විශිෂ්ටත්වය ප්‍රවර්ධනය කරනු ලබන කීර්තිමත් සංවිධානයක් ලෙස ජපාන-ශ්‍රී ලංකා තාක්ෂණික හා සංස්කෘතික සංගමය (JASTECA) හැඳින්විය හැකිය. ජපන් කයිසෙන් (Kaizen) දර්ශනයට අනුගතව ආර්ථික, සමාජීය සහ පාරිසරික ප්‍රගතිය අඛණ්ඩව ඉහළ නැංවීමේ අරමුණෙන් තිරසාරභාවය සහ ආයතනික සමාජ වගකීම (CSR) පිළිබඳ අසීමිත කැපවීමක් සිදුකළ ආයතන සඳහා ගෞරව ඇගයීම පිරිනැමීම වෙනුවෙන් මෙම JASTECA CSR / තිරසාරභාවය සම්මාන පිරිනමනු ලැබේ.

    මෙහෙයුම් කටයුතුවල සෑම අංගයක් වෙතම තිරසාරභාවය මුසු කිරීම සඳහා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ගත් සාර්ථක උත්සහයන් මෙම ඇගයීම ඔස්සේ මැනවින් ඉස්මතු වේ. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි තිරසාරභාවය වෙනුවෙන් සිදු කළ කැපවීම පාරිසරික සංරක්ෂණය, පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සහ නවෝත්පාදනය ආදී පුළුල් පරාසයක් දක්වා විහිදෙයි.

    වගකීම්සහගත ව්‍යාපාරයක් ලෙස ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනිහි සමස්ත මෙහෙවර මෙම සම්මාන ජයග්‍රාහණය සඳහා ඉවහල් වූ ඉදිරිපත්කිරීම් ඔස්සේ අවධාරණය කරන ලදී. සමාගමේ පුනර්ජනනය කළ හැකි බලශක්ති උත්පාදන ක්‍රියාවලිය කෙරෙහි මෙහිදී ඉහළ අවධානයක් යොමු විය. සිය ප්‍රධාන පරිශ්‍රවල වහලවල සමාගම විසින් සූර්ය පැනල  සවි කිරීමට කටයුතු කර ඇති අතර එමඟින් වෙනත් බලශක්ති ප්‍රභවයන් මත යැපීම අවම කරමින් පිරිසිදු බලශක්තිය උත්පාදනය ඉහළ නංවා ඇත. එමෙන්ම සම්පූර්ණයෙන්ම ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි කණ්ඩායමේ සහයෝගයෙන් බලගැන්වෙන eDrive විද්‍යූත් ත්‍රිරෝද රථ ව්‍යාපෘතියද තවත් වැදගත් වැඩසටහනක් වේ. මෙම ව්‍යාපෘතිය ඔස්සේ සමාගම මඟින් සිදුකරන විද්‍යුත් වාහන පරිවර්තනය තුළින් හරිත ප්‍රවාහනය ප්‍රවර්ධනය කරයි. මේ හරහා ආබාධිත පුද්ගලයන් සඳහා ද eDrive පහසුකම් නිර්මාණය කරන අතර එය සමාගමේ නවෝත්පාදන විශිෂ්ටත්වය  පිළිබඳ කදිම නිදසුනකී.

    තාක්ෂණික දියුණුව සඳහා පමණක් නොව සේවක සුබසාධනය සහ ප්‍රජා සංවර්ධනය වෙනුවෙන් ද ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි අඛණ්ඩව ආයෝජනය කරමින් ජීවන තත්ත්වය ඉහළ නංවාලීම සහ සාමාජීය යහපැවැත්ම වර්ධනය  සඳහා පුළුල් වැඩසටහනක් දියත් කරයි. පාරිසරික සුරක්ෂිතභාවය සුරැකීම සිය මෙහෙයුම්වල ප්‍රධාන පදනම ලෙස සලකමින්, වැසි ජලය රැස්කිරීම, අපජලය පිරිපහදු කිරීම සහ නැවත භාවිතය, සහ බලශක්ති කාර්යක්ෂමව භාවිතය වැනි ක්‍රියාවලීන් ඔස්සේ පාරිසරික බලපෑම අවම කිරීමට ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි තම දායකයත්වය සපයයි.

    ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි සිය මූලික ව්‍යාපාර අරමුණු සමඟ අවදානම් කළමනාකරණය සහ තිරසාර සැලසුම් ඒකාබද්ධ කරමින් තිරසාරභාවය පිළිබඳ සිය ප්‍රමුඛත්වය සහ දීර්ඝකාලීන වටිනාකම් නිර්මාණය කිරීම තවදුරටත් තහවුරු කරයි. තවද, සිය පාරිසරික සහ පාලන ප්‍රමිතීන්වලට සමාන අරමුණු සහිත සැපයුම්කරුවන් සමඟ සහයෝගීතාවයෙන්  සදාචාරාත්මක සහ තිරසාර සැපයුම් සිදුකිරීමට ද සමාගම පියවර ගෙන තිබේ.

    ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනිහි තිරසාර ගමන් මග අන්තර්ජාතික නිර්ණායකයන් සමඟ සමපාත වන අතර සමාගම එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) 17 න් 15ක් සඳහාම සක්‍රීය දායකත්වයක් දක්වයි. නවෝත්පාදනය, ප්‍රජා මූලිකත්වය, තාක්ෂණය සහ මනුෂ්‍යත්වය සමඟ සිදුකළ හැකි ධනාත්මක වෙනස පිළිබඳ මනා සාක්ෂියක් ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි දායකත්වය සපයන ටියුනප් දන්සල, e-Drive, සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සදහා e-Drive වැනි ව්‍යාපෘති ඔස්සේ සපයයි.

    සියලුම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් හරිත මෙන්ම වඩාත් තිරසාර අනාගතයක් ගොඩනැංවීම සඳහා කැපවූ ආයතන ප්‍රමුඛයෙකු ලෙස ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනිහි ස්ථාවරය මෙම JASTECA CSR / තිරසාර සම්මාන උළෙලේදී දිනා ගත් කුසලතා සම්මානය ඔස්සේ සනාථ කරයි.