ශ‍්‍රී ලංකාවේ අපනයන කර්මාන්තය සවිබල ගන්වමින් NDB බැංකුව Khanthmi Sports Workshop & Exports සමඟ අත්වැල් බැඳ ගනියි

    December, 9, 2025

    ශ‍්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් (SMEs) සහ අපනයන සඳහා වක‍්‍රව සම්බන්ධවී සිටින ව්‍යාපාරයන් සවිබල ගැන්වීමේ අඛණ්ඩ උත්සාහයක් ලෙස, රටේ ක‍්‍රීඩා භාණ්ඩ නිෂ්පාදන අංශයේ නැගී එන ව්‍යවසායකයකු වන Khanthmi Sports Workshop & Exports වෙත NDB බැංකුව විසින්  ණය පහසුකමක් ලබා දෙන ලදී. මෙම පහසුකම සීමා සහිත ජාතික ණය සුරැකුම් ආයතනයේ NCGI ණය ඇපකර යෝජනා ක‍්‍රමය යටතේ ලබා දී ඇති අතර, එමඟින් ව්‍යාපාරයට සාම්ප‍්‍රදායික ඇපකර සීමාවන් නොමැතිව මෙහෙයුම් පුළුල් කිරීමට හැකියාව ලැබේ.

    උසස් තත්ත්වයේ ක‍්‍රිකට් පිති නිෂ්පාදනය සහ වක‍්‍ර ලෙස  අපනයනයේ නියැලී සිටින Khanthmi Sports Workshop & Exports සමාගම, මෑතකදී එහි නව නිෂ්පාදන කම්හල විවෘත කළේය. එය එම ආයතනයේ වර්ධනයේ සහ නවෝත්පාදන ගමන් මඟේ වැදගත් සන්ධිස්ථානයකි. මෙම ව්‍යාපාරය පුළුල් කිරීම නිෂ්පාදන ධාරිතාව වැඩි දියුණු කිරීම සහ ගෝලීය ක‍්‍රීඩා උපකරණ සැපයුමේ ශ‍්‍රී ලංකාවේ දායකත්වය තවත් ශක්තිමත් කිරීම සඳහා වැදගත් පියවරක් සනිටුහන් කරයි.

    මූල්‍ය පහසුකම් සඳහා ඇප රහිත ප‍්‍රවේශයක් ලබා දෙන NCGI සහතික කිරීමේ යාන්ත‍්‍රණය උපයෝගී කර ගනිමින්, NDB බැංකුව ව්‍යවසායකයින් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා පුළුල් මාර්ග නිර්මාණය කිරීම සඳහා සිය කැපවීම නැවත තහවුරු කර ඇත.  මෙවැනි සහයෝගයන් මඟින් Khanthmi Sports වැනි ව්‍යාපාර වලට ඔවුන්ගේ සම්පත් මෙහෙයුම් පුළුල් කිරීම, නවීන තාක්ෂණය භාවිතා කිරීම සහ අපනයන වර්ධනයට දායක වෙමින්, වඩාත් තරඟකාරී වෙළඳපොළ තුළ ඔරොත්තු දීමේ හැකියාව ගොඩනඟා ගැනීමට ද හැකි වේ.

    මෙම මුලපිරීම පිළිබඳව අදහස් දක්වමින් NDB බැංකුවේ නියෝජිතයෙකු පවසා සිටියේ,  “කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයින් සහ අපනයනකරුවන් ශ‍්‍රී ලංකා ආර්ථිකයේ ප‍්‍රධාන ධාවකයින් ලෙස NDB බැංකුව සැමවිටම පිළිගනී. NCGI ආයතනය සමඟ අපගේ මෙම හවුල්කාරිත්වය මඟින් ඔවුන්ගේ පූර්ණ හැකියාවන් කරා ළඟා වීමට අමතර සහායක් අවශ්‍ය ව්‍යාපාර සඳහා කාලෝචිත හා ඵලදායී ලෙස මූල්‍ය සහාය ලබා දීමේ හැකියාව අපට හිමි වේ. Khanthmi Sports Workshop & Exports විසින් ශ‍්‍රී ලංකාවේ ක‍්‍රීඩාවේ කීර්තිය ජාත්‍යන්තර වෙළඳපොළට රැගෙන යෑම, නවෝත්පාදනය කිරීම සහ වර්ධනය කිරීම අඛණ්ඩව සිදු කරගෙන යෑමේ ක‍්‍රියාවලිය සමඟ ඔවුන්ට සහායක් වීමට ලැබීම පිළිබඳව අපි ආඩම්බර වෙමු” ලෙසයි.

    මෙම හවුල්කාරිත්වය හරහා, ව්‍යවසායකත්වය පෝෂණය කිරීම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සවිබල ගැන්වීම සහ ශ‍්‍රී ලංකාවේ අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා කැපවී සිටින ජාතිය ගොඩනැගීමේ බැංකුවක් ලෙස NDB බැංකුව සිය කාර්යභාරය අඛණ්ඩව සිදු කරයි. NCGI වැනි නව්‍ය සහයෝගීතාවයන් සමඟින්, තිරසාර ආර්ථික ප‍්‍රගතියක් ඇති කිරීමට සහ රටේ දිගුකාලීන සමෘද්ධියට දායක වන ව්‍යාපාරවලට සහාය වීමට NDB බැංකුව නිබඳවම කැපවී සිටී.

    NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ සිව්වන විශාලතම පෞද්ගලික වාණිජ බැංකුවයි. 2025 Euromoney විශිෂ්ටතා සම්මාන උළෙලේදී ශ‍්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා හොඳම ඩිජිටල් බැංකුව ලෙස NDB බැංකුව නම් කරන ලද අතර 2024 Asian Banking and Finance සඟරාව (සිංගප්පූරුව) සම්මාන උළෙලේදී වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම පෞද්ගලික බැංකුකරණය සහ වසරේ ශ‍්‍රී ලංකා දේශීය ව්‍යාපෘති මූල්‍ය බැංකුව ලෙස සම්මානයට පාත‍්‍ර විය. ප‍්‍රාග්ධන වෙළඳපොළ අනුබද්ධ සමාගම් වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගම NDB බැංකුව වන අතර, එම සමාගම් එක්ව අද්විතීය බැංකුකරණ සහ ප‍්‍රාග්ධන වෙළඳපොළ සේවා සමූහයක් සාදයි. ඩිජිටල් බැංකුකරණ විසඳුම් මඟින් බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සහ උපදේශන සේවා හරහා ජාතිය සහ එහි ජනතාව සවිබල ගැන්වීමට බැංකුව කැපවී සිටී.