December, 10, 2025
වසර 17 ක පමණ කාලයක් ක්‍රියාත්මක වන Amazon College & Campus, 2025 නොවැම්බර් 23 වන දින පස්වරු 2.00 සිට කොළඹ BMICH – Lotus ශාලාවේදී වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී.
ඩිප්ලෝමා, HND, උපාධිය සහ ශාස්ත්‍රපති උපාධිය හැදෑරූ සිසුන් 200 කට ආසන්න ප්‍රමාණයක් තම උපාධිය ලබා ගත්හ. මනෝවිද්‍යාව, ව්‍යාපාර කළමනාකරණය, තොරතුරු තාක්ෂණ, ඉංග්‍රීසි, ගුරු පුහුණු වැනි ක්ෂේත්‍ර සඳහා සහතික ප්‍රදානය කරන ලදී.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ හිටපු සභාපතිනි මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය සහභාගී විය.
එසේම, Khairul Iskandar Md. Yusof මහතා (උපදේශක, මැලේසියාවේ මහ කොමසාරිස්) සහ Ali Shareef මහතා (උපදේශක, මාලදිවයිනේ මහ කොමසාරිස්) යන මහත්වරු ගෞරවනීය ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වූහ.
විශේෂ ආරාධිත අමුත්තන් ලෙස:
- ආචාර්ය කුමාර හිරිඹුරේගම
- මහාචාර්ය වසන්ත අතුකෝරල
- මහාචාර්ය එස්. ජේ. යෝගරාජා
- ආචාර්ය රිෂ්කාන් බෂීර්
- ආචාර්ය යූ. එල්. එම්. අෂ්කර්
- රාජගෝපාල් උදයකුමාර් මහතා
- S. සේතුරත්නම් මහතා
- Rushdhie Habeeb මහතා
- ආචාර්ය අජේ ප්‍රසාද්
- M.H.K.M. හමීස්
- අජ්රා අසාර් මහත්මිය
Amazon උසස් අධ්‍යාපන ආයතනය, අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් ලියාපදිංචි ආයතනයකි.
වසර 17ක කාලයක් තිස්සේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ දහස් ගණනක සිසුන්ට අධ්‍යාපනය හා විවිධ සේවාවන් සපයමින් ඉදිරියට වර්ධනය වෙමින් පවතින මෙය, මේ වන විට සම්මාන 8 ක් ලබා ඇති අතර දේශීය හා විදේශීය ආයතන රැසකින් පිළිගැනීමකට ලක්ව ඇත.
Amazon College & Campus බම්බලපිටියේ ගාලු පාරේ පිහිටි මහල් හතරක ගොඩනැගිල්ලක අති නවීන පහසුකම් සහිතව ක්‍රියාත්මක වන බව එහි කළමනාකාර අධ්‍යක්ෂ ඉල්හාම් මරිකාර් මහතා පවසා ඇත.

