Mahogany Masterpieces, අමුද්‍රව්‍ය, ශිල්පීය තාක්ෂණය හා සුඛෝපභෝගීත්වයේ සංකලනයක් ලෙසින් ‘An Ode to Grain’ එළිදක්වයි

    December, 11, 2025

    ශ්‍රී ලංකාවේ අතිදක්ෂ ගෘහභාණ්ඩ නිෂ්පාදකයින්ගේ දෑතින් නිමවන කලාත්මක ගෘහ භාණ්ඩ සම්බන්ධ ප්‍රමුඛතම ශ්‍රී ලාංකීය සන්නාමයක් වන Mahogany Masterpieces, එහි නවතම සුවිශේෂී ගෘහභාණ්ඩ  එකතුව 'An Ode to Grain' නමින් එළිදක්වයි. ගෘහ භාණ්ඩ නිෂ්පාදනයේදී, ස්වභාවික අලංකාරය පවත්වාගැනීම අතින් මහෝගනී දැවය සතු මහැඟි හැකියාව ඇගයීමට මෙන්ම, නූතන ගෘහ භාණ්ඩ නිර්මාණ ශිල්පයට පුදනු ලබන උපහාරයක් ලෙසින් 'An Ode to Grain' ඔබ හමුවට ගෙන එයි.

    'An Ode to Grain' එකතුව ගෙන එන Mahogany Masterpieces හි විශ්වාසය, සෑම ලී කඳකම එයට ආවේණික කතාවක් ඇති බවත් දැවයේ ස්වභාවික රටාව මෙන්ම භාවිත කරන ශිල්ප ක්‍රමයෙහිද සංකලනයක් ලෙසින් නිපදවන සෑම ගෘහ භාණ්ඩයක්ම, හුදෙක් ගෘහ භාණ්ඩයක් පමණක් නොව, එය ස්වභාවධර්මයේත්, නිර්මාණ ශිල්පියාගේත් ආදරණීය බැඳීමක ප්‍රතිඵලයක් බවය.

    මෙම එකතුවේ සෑම අලංකාර ගෘහ භාණ්ඩයක් තුළින්ම මහෝගනී දැවය සතුව ඇති කාලයත් සමග වර්ධනය වන පැහැය, පාරිභෝගික මනසට හා නෙතට ගෙනෙන සුවපහසුව සමගින් එහි අසමසම ගුණාත්මකභාවය විදහා දක්වයි.  මේ සෑම ගෘහ භාණ්ඩයක්ම පාරිභෝගිකයින්ට කාලාන්තරයක් පවතින ප්‍රයෝජනයට නොදෙවෙනි වටිනාකමක්ද එක් කරමින් එය අනර්ඝ කලාකෘතියක් බවට වසර දහයක් දක්වා ලබාදෙන වගකීම් සහතිකය මගින් සනාථ කළ හැක.

    මේ හා බැඳුණු සංකල්පය පිළිබඳව අදහස් දක්වමින්, Mahogany Masterpieces හි කළමනාකාර අධ්‍යක්ෂ කිෂාන් ගුණරත්න මහතා සඳහන් කළේ මෙලෙසයි. “'An Ode to Grain' එකතුව, කලාත්මක බවට කරන උපහාරයක්. මහෝගනී කියන්නේ, මනා ඉවසීමකින් තොරව, කලබලයෙන් නිර්මාණයක් කළ නොහැකි දැවයක්. එමගින් නිර්මාණයක් කිරිමේදී ඉහළම ගෞරවයෙන්, නිවැරදිභාවයෙන් කළ යුතු අතරම, සැලකිය යුතු කාලයක්ද ඒ සඳහා වැය කළ යුතුයි. මෙම නිර්මාණ එකතුව මගින් අපට අවශ්‍ය වූයේ පාරම්පරික ශිල්පීය හැකියාවත්, සොබාදම විසින් අපට ලබා දුන් වටිනාම සම්පත වන දැව සම්පත සතුව ඇති ස්වභාවිකත්වය තුළින් සුඛෝපභෝගී නිර්මාණයක් ලොවට ලබාදීමයි. අපගේ අභිප්‍රාය සරලයි. නිර්මාණයේ ආත්මය වීමට ලීයට ඉඩ දෙන්න, එහි දැව රේඛාවට ගරු කරන්න, දැවයේ උරුමය නිර්මාණයේ ආත්මීය කතාව බවට පත්කරන්න. සෑම නිර්මාණයක්ම පරම්පරා ගණනක් පවතින ගුණාත්මක භාවයෙන් අනූන සදාකාලික මිත්‍රයෙකු බවට පත්කරන්න,’ යන්නත් ඒ කතාවෙන් කියවෙනවා .”

    මේ හරහා Mahogany Masterpieces එළිදක්වනු ලබන්නේ, ගෘහ අභ්‍යන්තරයට සුවිශේෂී සුඛෝපභෝගීත්වයේ උණුසුම සහ කල්පවතින බව එක් කරමින්, architraves, wainscoting, timber paneling හා  corbels ආදී නවතම ආකෘතියේ කලාත්මක නිෂ්පාදන  එකතුවකි. මෙම සුවිශේෂී නිෂ්පාදන මගින් ගෘහනිර්මාණ සම්බන්ධ ශිල්පීය තාක්ෂණයේ සංකලනය තවදුරටත් ඉහළ නැංවෙන අතර, අමුද්‍රව්‍යවල ඉහළම ගුණාත්මකභාවය මැනවින් විදහා දැක්වීමටද එම නිෂ්පාදන සමත් වේ. ඔබගේ සුන්දර නිවහන වඩාත් ආකර්ෂණීය නිවහනක් බවට පත්කිරීමටත් එහි වටිනාකම විදහා දැක්වීමටත් මෙම නිර්මාණවලට හැකියාව ඇත.

    සැබෑම ශ්‍රී ලාංකීය නිෂ්පාදන ලෙසින් සාඩම්බරයෙන් පාරිභෝගිකයින් වෙත පිරිනැමෙන Mahogany Masterpieces නිර්මාණ, උසස්ම තත්ත්වයේ අමුද්‍රව්‍ය භාවිතයෙන් ඉහළම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නිපදවයි. ඒ අනුව, පාරිභෝගිකයින්ගේ විශ්වාසය දිනාගත් කල්පවතින නිෂ්පාදන සමගින්, ඉකුත් දශක පහක කාලය තුළ ඉහළම කීර්තියක් අත්කර ගැනීමට Mahogany Masterpieces සමත්ව තිබේ. ඒ හේතුවෙන්, ගුණාත්මකභාවය අගයන ශ්‍රී ලාංකික නිවෙස්වල ප්‍රමුඛතම තේරීම වන්නේද එයයි.

    එමෙන්ම, පුරා දශක පහක කාලයක වර්ධනය වූ කීර්තිය, අද වන විට ලොව පුරා ප්‍රභූ පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනා ගනිමින් රටවල් දහසයකට අධික සංඛ්‍යාවකට විශිෂ්ට ගෘහ භාණ්ඩ අපනයනය කිරීමට හැකියාව ලැබී ඇත.

    මෙම අනර්ඝ සන්නාමයේ නවතම ගෘහ භාණ්ඩ එකතුව නැරඹීමට කැමති පාරිභෝගිකයෙන් හට, අංක 87, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවත (ඩික්මන්ස් පාර), කොළඹ - 05 ලිපිනයෙහි, පහසුවෙන්ම පිවිසිය හැකි ස්ථානයක පිහිටා ඇති Mahogany Masterpieces ප්‍රදර්ශනාගාරය සහ Design Studio වෙත පැමිණිය හැක. වැඩි විස්තර සඳහා  077 218 5273 අමතන්න, නැත්නම් www.mahoganymasterpieces.com වෙබ් අඩවියට පිවිසෙන්න.

     

    ඡායාරූපය : Mahogany Masterpieces කණ්ඩායම