NDB ලීසිං සංවිධානය කළ දෙදින ඔටෝ කානිවල් වැඩසටහන සාර්ථකව අවසන් කරයි

    December, 22, 2025

    NDB බැංකුව නවම් මාවතේ පිහිටි  මෝටර් රථගාලේ දී NDB  ලීසිං ඔටෝ කානිවල් ප‍්‍රවර්ධන වැඩසටහනේ තවත් අදියරක් පසුගිය දා සාර්ථකව අවසන් කළේය. NDB ලීසිං වෙතින් සංවිධානය කරන ලද මෙම දෙදින වැඩසටහන, දිවයිනේ ප‍්‍රමුඛ පෙළේ මෝටර් රථ හවුල්කරුවන් දෙදෙනෙකු වන Prime EV ඔටෝමොබයිල්ස් (පුද්ගලික) සමාගම සහ Skywell විද්‍යුත් වාහන මෙරටට ආනයනය කරන දීපාල් සහ ගැවින්රෝ ඉන්ටර්නැෂනල් (පුද්ගලික) සමාගම  පාරිභෝගිකයින්ට සහ රථ වාහන පිළිබඳ උනන්දුවක් දක්වන පිරිසට නවීන හා පරිසර හිතකාමී වාහන රාශියක් ප‍්‍රදර්ශනය කළේය.

    ජනතාව තුළ දැඩි උනන්දුවක් පෙන්නුම් කළ මෙම වැඩසටහන, නව වාහන මිලදී ගැනීමට බලාපොරොත්තු වන පිරිසට NDB බැංකුව  විසින් පිරිනමනු ලබන නව්‍ය ලීසිං විසඳුම් පිළිබඳ  දැනුවත් වීම සඳහා මහඟු අවස්ථාවක් හිමි විය. බැංකුවේ නම්‍යශීලී මූල්‍යකරණ විකල්ප පිළිබඳව දැනුවත් වීමට NDB බැංකුවේ ලීසිං නිලධාරීන් සමඟ සෘජුවම සම්බන්ධ වීමට එහිදීී අවස්ථාව හිමිවූ අතර විදුලි මාදිලි වල සිට බහුකාර්ය වාණිජ වාහන දක්වා පරාසයක රථ වාහන පරීක්ෂා කිරීමට පැමිණ සිටි පිරිසට අවස්ථාව උදාවිය.

    මෙම වැඩසටහනේ සාර්ථකත්වය පිළිබඳව අදහස් දක්වමින් NDB බැංකුවේ ලීසිං අංශයේ ප‍්‍රධානී, සහකාර උප සභාපති දිලූම් අමරසිංහ මහතා මෙසේ පැවසීය. ‘අපගේ ඔටෝ කානිවල් ප‍්‍රවර්ධන වැඩසටහන් මාලාව මඟින් වාහන මිලදී ගැනීම වඩාත් පහසු සහ දැරිය හැකි මිලකට ලබා දෙන අතරම, නවතම මෝටර් රථ නවෝත්පාදනයන් වෙත ගනුදෙනුකරුවන් සමීප කරවීම සඳහා NDB බැංකුවේ කැපවීම පිළිබිඹු කරයි. Prime EV ඔටෝමොබයිල්ස් සහ ගැවින්රෝ ඉන්ටර්නැෂනල් වැනි ප‍්‍රමුඛ පෙළේ හවුල්කරුවන් සමඟ සහයෝගීතාවයෙන්, ශ‍්‍රී ලාංකිකයන්ගේ දිනෙන් දින වෙනස් වන අවශ්‍යතා සපුරාලන පරිදි සකස් කරන ලද මූල්‍ය විසඳුම් අපි අඛණ්ඩව ලබා දෙන්නෙමු.’

    NDB ලීසිං ඔටෝ කානිවල් යනු ගනුදෙනුකරුවන්ගේ සහභාගීත්වය සහ ඔවුන්ට ලීසිං පහසුකම් වෙත ඉක්මනින් ලඟාවීම සඳහා බැංකුව විසින් පවත්වනු ලබන බිම් මට්ටමේ ක‍්‍රියාකාරකම් මාලාවක කොටසකි. මෙම වැඩසටහන මඟින් ඉක්මන් අනුමැතිය, නම්‍යශීලී ආපසු ගෙවීමේ සැලසුම් සහ අවම ලියකියවිලි ඇතුළත් NDB බැංකුවේ පුළුල් පරාසයක ලීසිං විසඳුම් පිළිබඳ දැනුවත් කිරීමට අමතරව ශ‍්‍රී ලංකාවේ වේගයෙන් පරිවර්තනය වන මෝටර් රථ අංශය තුළ බැංකුවේ හවුල්කාරිත්වයන් ශක්තිමත් කරයි.

    ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය ආයතනයක් ලෙස, NDB බැංකුව නව්‍ය, තිරසාර සහ පාරිභෝගික කේන්ද‍්‍රීය මූල්‍ය සේවා හරහා ගනුදෙනුකරුවන් සහ ව්‍යාපාර සවිබල ගැන්වීම කෙරෙහි අවධානය යොමු කරයි. නවතම ඔටෝ කානිවල් වැඩසටහනේ සාර්ථකත්වයත් සමඟ, NDB ලීසිං දිවයින පුරා මෙම වැඩසටහන් මාලාව අඛණ්ඩව පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන අතර, ගනුදෙනුකරුවන්ට විශ්වාසදායක හවුල්කාරිත්වයන් සහ සුවිශේෂී සේවාවක් අත්විඳීමට වැඩි අවස්ථාවන් හිමිකර දෙයි.