ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර සම්මාන හතක්

    August, 31, 2016

    ඉ- ස්වාභිමාණී 2016 වාර්ෂික සම්මාන ප්‍රදානයේ අවසන් වටය සදහා තොරතුරු තාක්‍ෂණ අන්තර්ගතයන් සහ යෙදවුම් නිර්මාණකරුවන් 42දෙනෙකු සුදුසුකම් ලබා ඇත.

    නිර්මාණශීලී තොරතුරු තාක්‍ෂණ අන්තර්ගතයන් හා යෙදවුම් ජාතික මට්ටමින් ඇගයීමට ලක් කිරීම සදහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) විසින් මෙම සම්මාන ප්‍රදානෝත්සවය වාර්ෂිකව සංවිධානය කරනු ලබයි.

    මේ අතර පසුගියදා ඉන්දියාවේ පැවති එම් බිලියන්ත් ජාත්‍යන්තර සම්මාන ප්‍ර‍දානෝත්සවයේදී ඉ-ස්වාභිමාණී සම්මාණ ප්‍රදාණෝත්සවයේ අවසන් වටය‍ට තේරුණු නිර්මාණ හතක් සම්මානයට පාත්‍රවීම විශේෂ සිදුවීමක් බව ද තියෝජිතායතනය පවසයි.

    ඉ-රාජ්‍ය හා විවෘත දත්ත, ඉ-සෞඛ්‍ය හා පරිසරය,ඉ-ඉගෙනුම් හා විද්‍යා,ඉ-විනෝදාස්වාදය හා ජීවන රටාව,ඉ-සංස්කෘතික හා සංචාරක ව්‍යාපාරය,ඉ-මාධ්‍ය හා ප්‍රවෘත්ති,ඉ- ව්‍යාපාර හා වානිජ්‍ය,ඉ-අන්තර්කරණය හා සවිබල ගැන්වීම,ජංගම දුරකථන සදහා අන්තර්ගතයන් යන ක්‍ෂේත්‍ර යටතේ තරග කරුවන් සිය නිර්මාණ ඉදිරිපත් කර තිබේ.

    දෙස් විදෙස් තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් අවසන් වටය සදහා නිර්මාන තෝරා ගැනීම සිදු කර තිබෙන අතර ‍ජාත්‍යන්තර වශයෙන් පැවැත්වෙන විශ්ව සමුලු සම්මාන ප්‍රදානය සදහාද මෙම අවසන් වටයට තේරුණු නිර්මාන ඉදිරිපත් කිරීමට සුදුසුකම් ලබා ඇත.