September, 1, 2016
හැටන් නැෂනල් බැංකුවේ (HNB) ඩොලර් මිලියන 50 ක වටිනාකමකින් යුතු කොටස් ප්‍රමාණයක් පුද්ගලික නිකුතුවක් හරහා මිල දී ගැනීමට ආසියානු සංවර්ධන බැංකුව (ADB) පියවර ගෙන තිබෙන බව හැටන් නැෂනල් බැංකුව නිවේදනය කර සිටී. මෙය සමාගමේ සම්පූර්ණ කොටස් ප්‍රාග්ධනයන් 9.9% කි.
මෙය බැංකුවේ අතිවිශේෂ මහා සභා රැස්වීමක දී කොටස් හිමියන්ගේ අනුමත කිරීමට යටත්ව ගනු ලැබූ තීරණයකි.
‘උපක්‍රමික ආයෝජකයෙකු‘ ලෙසින් හැටන් නැෂනල් බැංකුවේ ආයෝජනය කරනු ලබන ආසියානු සංවර්ධන බැංකුව මෙම කොටස් මිල දී ගැනීම සිදුකරනුයේ අතිවිශේෂ මහා සභා රැස්වීම් දින දක්වා ගනුදෙනු දින 30 ක කොටස් මිල සාමාන්‍ය පදනම් කර ගනිමින් හෝ එම සාමාන්‍ය මිල රු. 220.00 ඉක්මවන්නේ නම් රු. 220.00 කට හෝ සාමාන්‍ය මිල රු. 190.00 ට වඩා අඩුවන්නේ නම් කොටසකට රු. 190.00 බැගිනි.