September, 1, 2016
2016 ජූලි මාසය අවසානය වන විට දළ නිල සංචිත ප්‍රමාණය 2016 ජූනි මාසය අවසානයේ පැවති එක්සත් ජනපද ඩොලර් බිලියන 5.3 සිට ඩොලර් බිලියන 6.5 දක්වා වර්ධනය වී ඇති ශ්‍රී ලංකා මහ බැංකු ප්‍රකාශ කර සිටී. මෙය 22.6% ක වර්ධනයකි.
2016 ජූලි මාසය තුළ දී විදේශිකයන්ගේ වාර්තාගත පැමිණීමත් සමඟම 2016 වසරේ ජනවාරි සිට ජූලි මාසය දක්වා කාලය තුළ දී සංචාරක ඉපැයීම් 16.7% කින් ඉහළ ගොස් ඇති බව ඇස්තමේන්තු කර ඇත.
සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ 2016 වසරේ පළමු මාස හත තුළ දී 3.8% ක ඉහළ යෑමක් වාර්තා කර ඇත.
මේ අනුව සංචාරක ඉපැයීම් හා සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ වැනි විදේශ විනිමය ගලාඒම් සමඟ රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කිරීම පිළිබඳ විදේශීය කැමැත්ත යළි ඇති වීම සහ රජය වෙත මැදි සහ දිගු කාලීන මූල්‍ය ප්‍රවාහ ලැබීම් හේතුවෙන් ගෙවුම් ශේෂ්‍ය සහ විනිමය අනුපාතිකය මත ඇති කරන පීඩනය ලිහිල් වී ඇති බව මහ බැංකුව වැඩිදුරටත් මෙහිදී කියා සිටී.
විදේශීය ඉල්ලුම සාපේක්ෂ වශයෙන් අඩු මට්ටමක පැවතීමත් සමඟ 2016 පළමු භාගය තුළ දී ඇස්තමේන්තු කර ඇති වෙළෙඳ ගිණුමේ හිඟය වාර්ෂික ලක්ෂ්යමය පදනම මත 2.2% කින් ඉහළ ගොස් තිබේ.