September, 6, 2016
දිවා රාත්‍රී භේදයකින් තොරව අලූත්ම ඩේටා බන්ඩ්ල් ක්‍රමයක්
සිය ඩේටා බන්ඩ්ල් ක්‍රමය මුළුමනින්ම වෙනස්කර නව ක්‍රමයක් හඳුන්වා දීමට එටිසලාට් ලංකා සමාගම පසුගියදා පියවර ගත්තේ ය. ඒ අනුව දවසේ ඕනෑම වෙලාවක ඩේටා භාවිතා කළ හැකි ඩේටා බන්ඩ්ල් ක්‍රමයක් හඳුන්වා දීමට එටිසලාට් ලංකා කටයුතු කර තිබේ.
දිවා සහ රාත්‍රී වශයෙන් ඩේටා භාවිතයේ සීමාවන් වෙන්කර ඇති විට පාරිභෝගිකයෝ විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙති. මෙම ක්‍රමය යටතේ සාමාන්‍යයෙන් වැඩි ඩේටා ප්‍රමාණයක් හිමිවන්නේ මධ්‍යම රාත්‍රියෙන් පසුව ය. මේ නිසා ඩේටා භාවිතයේදී විවිධ දුෂ්කරතා මතු වේ.
මෙසේ වෙළඳපොළේ අනෙකුත් සේවා සම්පාදකයන් විසින් මධ්‍යම රාත්‍රියෙන් පසුව වැඩිපුර ඩේටා ප්‍රමාණයක් ලබාදුන්නද එටිසලාට් මගින් හිමිවන ඩේටා දවසේ ඕනෑම වෙලාවක භාවිතා කළ හැකි නිසා තමන්ට හිමි ඩේටා ප්‍රමාණය තමන්ට රිසි සේ භාවිතා කිරීමේ නිදහස එටිසලාට් පාරිභෝගිකයන්ට හිමි වේ. මෙය ඔවුන්ට ඛෙහෙවින් ප්‍රයෝජනවත් වනු නොඅනුමාන ය.
110MB (රු. 19), 275MB (රු. 49), 600MB (රු. 99), 1600MB (රු. 299), 2100 MB (රු. 399), 3277 MB (රු. 549) සහ 6144 MB (රු. 999) ලෙස එටිසලාට් නව ඩේටා බන්ඩ්ල්ස් ලබාගත හැකි වේ. මෙසේ දවසට අදාළ ඩේටා ප්‍රමාණයට අමතරව රාතියේ නොමිලේ ඩේටා ප්‍රමාණයක් සහ නොමිලේ ීඵී ලබාදීමටද එටිසලාට් කටයුතු කරයි. වැඩි විස්තර: http://smarturl.it/EtisalatInternetPre
072 ජාලය මෙරට මෙහෙයුම් ආරම්භ කර වසර 25 කට වැඩි කාලයක් ඉක්ම ගොස් ඇත. එම කාලය පුරාවට පාරිභෝගිකයන්ට අඛණ්ඩව, විශිෂ්ට සේවාවක් සැලසීමට එම ජාලය සමත් වී තිබේ. මෙම නව සේවාව සමගින් පාරිභෝගිකයන්ට දැන් දවසේ ඕනෑම අවස්ථාවක, සාධාරණ ගාස්තු යටතේ, වෙළඳපොළේ වඩාත්ම තරගකාරී පැකේජ ලබාගනිමින්, තමන්ට රිසි පරිදි අන්තර්ජාලයේ සැරිසැරීමට අවස්ථාව උදාවී ඇත.
Video Story