BMICH තම දක්ෂ සේවකයින්ට බුහුමන් දක්වයි

    September, 6, 2016

    BMICH ආයතනය සිය සේවකයින් ඇගයීම සඳහා දියත් කළ සේවක ඇගයුම් වැඩසටහන යටතේ හොඳම වැඩ අධීක්ෂකවරයා ලෙස උත්සව සම්බන්ධීකරණ හා ගෘහ පාලන අංශයේ සහායක කේ.කේ.එම්.එස්. කරස්නාගොඩ මහතා ද හොඳම සේවකයා ලෙස වතු පාලන අංශයේ සේවක එස්.ඩී.ඩී.පී. වික‍්‍රමරත්න මහතාත් සහතික පත් දිනාගත්හ.

    විධිමත් ඇගයුම් කි‍්‍රයාවලියක් හරහා සේවකයින්ට සම්මාන තිළිණ ලබාදීමෙන් ඔවුන්ගේ ආත්ම විශ්වාසය හා ඵලදායීතාව නැංවීමේ අතිශය සාර්ථක මෙම සේවක කළමනාකරණ ක‍්‍රමවේදය ඔස්සේ කාර්තුමය වශයෙන් ආයතනයේ හොඳම වැඩ අධීක්ෂකයා සහ හොඳම සේවකයා තෝරාගැනීමේ වැඩපිළිවෙල BMICH ආයතනය ඇරඹුවේ 2016 ජුනි මාසයේදී ය.

    මෙම වැඩසටහන ඔස්සේ නාම යෝජනා ලබන්නන් තෝරාගැනීම පවා BMICH ආයතනය සිදුකරන්නේ ඉමහත් අභිමානයකින් යුක්තව ය. මක් නිසාද යත් මේ සියලූ සේවකයන් හුදෙක් තමන්ගේ රාජකාරි සීමාවෙන් ඔබ්බට යමින් ඉහළ කැපවීමක් අවංකභාවයක් හා ධනාත්මක ආකල්ප ප‍්‍රකට කරමින් අනෙක් සේවකයන්ට ද ආදර්ශයක් වන අන්දමින් ඔවුන් කි‍්‍රයා කරනු ලැබ ඇති නිසා ය.

    QC100 සමස්ත ප‍්‍රමිති කළමනාකරණ මොඩලය හා QC100 ගුණාත්මක ප‍්‍රමිතීන් 07 අනුගමනය කරන විශිෂ්ට සේවා පරිසරයක් පවත්වාගෙන යෑමට BMICH කාර්ය මණ්ඩලය නිබඳව කැපවී සිටී. මේ පසුබිම තුළ සේවකයින් සිය රාජකාරි ඉටුකිරීමේදී තරගකාරීත්වයත් මුසුවූ ගුණාත්මක සේවාවක් යන්න තම සංවර්ධනීය අංගයක් ලෙස ප‍්‍රදර්ශනය කිරීමට සමත්ව ඇත.

    සේයාරුව - (වමේ සිට දකුණට) - ඉකුත් කාර්තුවේ හොඳම සේවකයා සහතිකය දිනූ වතු පාලන අංශයේ එස්.ඩි.ඩී.පී. වික‍්‍රමරත්න, එම කාර්තුවේම හොඳම වැඩ අධීක්ෂක සහතිකය දිනූ උත්සව සම්බන්ධීකරණ හා ගෘහපාලන අංශයේ කේ.කේ.එම්.එස්. කරස්නාගොඩ යන මහත්වරුන් BMICH හි අධ්‍යක්ෂ/ ප‍්‍රධාන විධායක සුනිල් දිසානායක මහතා සමඟ