September, 7, 2016
මෝටර් රථ ක්ෂේත‍්‍රයේ ලොව ප‍්‍රමුඛතම නාමයක් වන Ford සමාගම, ඉහළ කාර්යක්ෂමතාවෙන් යුතු (SAE) 4 වන තත්ත්වයේ මුළුමනින්ම ස්වයංකී‍්‍රය වාහන පෙළක් 2021 වසර වනවිට රයිඩ් හේලිං සහ රයිඩ් ෂෙයාරිං ක්ෂේත‍්‍රයට එක් කිරීමට බලාපොරොත්තු වන බව පසුගියදා ප‍්‍රකාශ කළේය.
මෙම සුවිසල් ආයෝජනය හරහා අතුරු ව්‍යවසාය හතරක් සමඟ අත්වැල් බැඳ ගනිමින් ඇමරිකා එක්සත් ජනපදයේ සිලිකන් වැලී කර්මාන්ත පුරයේ සහ පාලෝ ඇල්ටෝ නගරයේ සිය සේවාවන් දෙගුණයකින් පුළුල් කිරීමට ත්‍දරා සමාගම අරමුණු කරයි.
”මීළඟ දශකය තුළ ස්වයංකී‍්‍රය මෝටර් රථවල අත්දැකීම අප සුලභව අත්විඳිනු ඇති බව අපගේ විශ්වාසයයි. Ford සමාගම මීට වසර 100කට පෙර මෝටර් රථ නිෂ්පාදනය හරහා ලොව තුළ ඇති කළ සුවිශේෂී බලපෑමට සමාන බලපෑමක් ස්වයංකී‍්‍රය මෝටර් රථ මගින් සමාජය තුළ ඇතිකිරීමට හැකි වන බව මේ වනවිටත් අපට දැකගත හැකියි. ස්වයංකී‍්‍රය රථ වාහන ප‍්‍රවාහන පද්ධතියට එක් කිරීම මගින් සුඛෝපභෝගී වාහන මිලදීගත හැකි පිරිසගේ පමණක් නොව, ලොව පුරා මිලියන ගණනක් වූ සාමාන්‍ය ජනතාවගේ සුරක්ෂිතතාව වර්ධනය කිරීමටත්, සාමාජයීය සහ පාරිසරික අභියෝග ජය ගැනීමටත් අප නිබඳව කැපවී කටයුතු කරනවා” යැයි Ford සමාගමේ සභාපති/ ප‍්‍රධාන විධායක නිලධාරී මාර්ක් ෆීල්ඩ්ස් මහතා සඳහන් කළේය.
2012 වසර වනවිට ස්වයංකී‍්‍රය රථ වාහන ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා බවට පත්වීම, Ford සමාගමේ රථ වාහන සුලබතාව වර්ධනය කිරීමේ ස්මාර්ට් සැලසුමේ සහ සබැඳුම, පාරිභෝගික අත්දැකීම, දත්ත සහ විශ්ලේෂණ යන සමාගමේ දැක්මේ එක් අංශයකි.
දශකයකට අධික කාලයක් පුරා දියත් කෙරුණු පර්යේෂණ සහ සංවර්ධන කි‍්‍රයාවලීන්ට අනුව නිමැවෙන Ford සමාගමේ ප‍්‍රථම මුළුමනින්ම ස්වයංකී‍්‍රය රථය ඉංජිනේරු සංගමයේ 4 වන තත්ත්වයේ රථයක් වන අතර එය සුක්කානමකින්, ගෑස් පැටලයකින් හෝ තිරිංග පැටලයකින් තොරව සම්පූර්ණ ස්වයංකී‍්‍රය වීමද විශේෂත්වයකි. වාණිජ මගී ප‍්‍රවාහන සේවා සඳහා විශේෂයෙන් නිර්මාණය කෙරෙන මෙම රථ, දියුණු රටවල මගීන් භාවිත කරන රයිඞ් ෂෙයාරිං සහ රයිඞ් හේලිං ක‍්‍රමවේද සඳහා බහුලව යොදාගත හැකි සාර්ථක විකල්පයක් වනු ඇත.
“Ford සමාගම වසර දහයකට අධික කාලයක පටන් ස්වයංකී‍්‍රය වාහන අත්හදා බැලීමෙහි නිරත වී සිටිනවා. ගුණාත්මක බවින් ඉහළ රථවාහන නිෂ්පාදනය සඳහා අවශ්‍ය මෘදුකාංග සහ තාක්ෂණික මෙවලම් මනාව සංකලනය කිරීම හා අප සතු විශේෂඥ දැනුම මෙම කාර්යය සාර්ථක කරගැනීමේදී අපට බෙහෙවින් ඉවහල් වුණා” Ford සමාගමේ ගෝලීය නිෂ්පාදන සංවර්ධන අංශයේ විධායක උප සභාපති රාජ් නයර් මහතා ප‍්‍රකාශ කළේය.
මිචිගන් සරසවියේ මැක් සිටි පරිශ‍්‍රයේ විශේෂයෙන් සකසන ලද නාගරික පරිසරයක මෙන්ම, හිම මත ද, මුළුමනින්ම අඳුරු පරිසරයක ද සිය ස්වයංකී‍්‍රය රථවල කි‍්‍රයාකාරීත්වය මහජනතාව ඉදිරියේ ප‍්‍රදර්ශනය කිරීමටද ත්‍දරා සමාගම පසුගියදා කටයුතු කළේය.
ප‍්‍රධාන ආයෝජන හතරක සහ තාක්ෂණික හවුල්කාරීත්වයන් රැසක දායකත්වයෙන් 2021 වසරේදී මෙම රථවාහන මගී ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයට එක්වීමට නියමිත ය. ආලෝකය සහ පරාසය හඳුනාගැනීමේ සංවේදක (LiDAR) ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයෙකු වන සිලිකන් වැලී නගරයේ Velodyne සමාගම සමඟ Ford සමාගම ආයෝජන සිදුකර ඇත.
ඊශ‍්‍රායලයේ පරිගණක සංකල්ප සහ යන්ත්‍රෝපකරණ විද්‍යා සමාගමක් වන SAIPS සමාගම මෙම රථ වාහනවල කෘතිම බුද්ධිය සහ පරිගණක සංකල්ප පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා උපකාරී වෙයි. Nirenberg Neuroscience සමාගම සමඟ ඇතිකර ගත් විශේෂ බලපත‍්‍ර ගිවිසුම මගින් සිය වාහනවලට වටපිටාවට අනුගත වීමේ හැකියාව ලබාදීමට Ford සමාගම කටයුතු කරයි.
කැලිෆෝනියා ප‍්‍රාන්ත Berkeley සමාගම සමග එක්ව සිය රථ වාහනවල අධිවිභේදන ති‍්‍රමාණ අනුරූපණ හැකියාව (High Resolution 3D Mapping) තවදුරටත් වර්ධනය කිරීමට Ford අපේක්ෂා කරයි.
පාලෝ ඇල්ටෝ නගරයේ වෙනම පරිශ‍්‍රයක් ඉදි කරමින් සිලිකන් වැලී කර්මාන්ත පුරයේ සිය මෙහෙයුම් කටයුතු පුළුල් කිරීමට Ford සමාගම මේ වනවිට ද කටයුතු කරමින් සිටී. මෙලෙස පුළුල් කරන ලද පරිශ‍්‍රය මගින් සමාගමේ දේශීය ජාලය තවදුරටත් වර්ධනය කර ගැනීමටත්, 2017 වසර අවසන්වන විට පාලෝ ඇල්ටෝ නගරයේ මෙහෙයුම් කටයුතු දෙගුණයකින් වැඩිකර ගැනීමට ද හැකිවනු ඇති බව Ford සමාගමේ විශ්වාසයයි.
”සිලිකන් වැලී කර්මාන්ත පුරය තුළ අපගේ මෙහෙයුම් කටයුතු තුළින් අප සමාගමේ ස්මාර්ට් මගී ප‍්‍රවාහන සේවය වඩාත් ඵලදායී ලෙස ඉදිරියට පවත්වා ගැනීමට අපට හැකිවී තිබෙනවා. අපගේ ඉලක්කය ප‍්‍රජා සාමාජිකයෙකු බවට පත්වීමයි. වර්තමානය වනවිට අංකුර ව්‍යවසාය 40කට අධික ප‍්‍රමාණයක් සමග අත්වැල් බැඳ ගනිමින් අපගේ අපගේ තාක්ෂණය සහ සේවාවන් තුළ වේගවත් වර්ධනයක් අත්පත් කරගැනීමට අපට හැකිවී තිබෙනවා” Ford සමාගමේ පර්යේෂණ සහ උසස් ඉංජිනේරු අංශයේ උප සභාපති කෙන් වොෂිංටන් මහතා සඳහන් කළේය.
2015 වසරේදී පාලෝ ඇල්ටෝ නගරයේ සිය පර්යේෂණ සහ නවෝත්පාදන මධ්‍යස්ථානය ආරම්භ කිරීමත් සමග එය කලාපයේ විශාලත ම රථ වාහන නිෂ්පාදන පර්යේෂණ මධ්‍යස්ථානයක් බවට පත්ව ඇත. වර්තමානයවන විට පර්යේෂකයන්, ඉංජිනේරු ශිල්පීන් සහ විද්‍යාඥයින් 130කට අධික පිරිසක් සඳහා එය නිවහන වී ඇත.
Video Story