ඔඩෙල් ‘Fall 2016’ විලාසිතා එකතුව මධ්‍යතන යුගයේ රාජකීය අසිරිය මවයි

    September, 8, 2016

    මෙරට ප‍්‍රමුඛතම විලාසිතාගාරය වන ඔඩෙල් විසින් මධ්‍යතන යුගයේ විලාසිතා වල ආභාශය 21 වන සියවසට ගැලපෙන පරිදි සකසා නව එකතුවක් හඳුන්වා දී තිබෙන අතරල ඒ සමඟම මධ්‍යතන යුගයේ රාජකීය තේජස විදහා දැක්වෙන පරිදි ඔඩෙල් අලෙවිසැල් අලංකරණය කර ඇත.

    විවිධ රෙදිපිළි භාවිතා කරන ‘Modern Medieval’ යන තේමාවෙන් යුතු මෙම නවතම විලාසිතා එකතුව මධ්‍යතන යුගයේ පැවති මනරම් විලාසිතා නැවතත් සිහිපත් කිරීමට සමත්ය.

    මධ්‍යතන යුගයේ පැවති පොහොසත් උත්සවාකාරය පන ගන්වමින් තද සහ අඳුරු මල් සහ ගෙත්තම් වලින් හැඩවූ විලාසිතා එකතුව කළු, තද නිල් පැහැයන්, තද රතු පැහැයන්, ලා නිල් පැහැයන්, පීච්, රෝස, ඇත්දළ වර්ණයෙන්, රත‍්‍රන් සහ දම් පැහැයෙන් වර්ණවත් වී ඇත. මෙම නව විලාසිතා එකතුවේ පෙනුම තවදුරටත් වර්ධනය කිරීමට එම කාලවකවානුවෙහි ජනප‍්‍රිය වූ විවිධ මාදිලියේ බොත්තම්ල ඇදුම් අත්ල කර වළලූ සහ විසිතුරු මැහුම් භාවිතා කර තිබෙන අතර ලෝකයේ සුප‍්‍රසිද්ධ ඇඟලූම් නිර්මාණකරුවන් වන Zuhair Murad, Dolce & Gabbana, Michael Kors, Roland Mouret, Gucci, Prada, Cavalli ඇතුළු බොහෝ නිර්මාණකරුවන්ගේ ආභාශයන් මෙහි දක්නට ඇත.

    මෙම විලාසිතා එකතුව තවදුරටත් හැඩගන්වන පරිදි ඔඩෙල් විලාසිතාගාරයේ ‘Backstage’ සන්නාමය විසින් එයටම ගැලපෙන ‘Costume Drama’ නැමති තේමාවෙන් ආභරණ එකතුවක්ද මෙයට සමගාමීව එළිදක්වා තිබේ. මධ්‍යතන යුගයේ පැවති සශ‍්‍රීකත්වය පිළිඹිබු වන පරිදි මෙම ආභරණ එකතුව රත‍්‍රන් සහ රිදී පැහැති ලෝහ වලින් නිර්මාණය කර තිබෙන අතර එය ගල් සහ මුතු ඇල්ලූ විවිධ නිර්මාණ වලින් හැඩවැඩ කර ඇත.

    ඔඩෙල් සමාගම අයත්වන සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් සමූහයේ සමූහ අලෙවිකරණ අධ්‍යක්ෂිකා, ඩෙසිරේ කරුණාරත්න මෙනෙවිය මෙම විලාසිතා එකතුව පිළිබඳව අදහස් දක්වමින් පැවසුවේ එය ඉතාමත් ගාම්භීර මෙන්ම රාජකීය ස්වභාවයක් ගන්නා බවත් පුළුල් පරාසයක පැතිරී තිබෙන බවයි. ‘‘මෙම විලාසිතා එකතුව මගින් මධ්‍යතන යුගයේ පැවති විලාසිතා සිහිපත් කරනවා. මෙම යුගය සංගීතය, සාහිත්‍යය සහ විශේෂයෙන්ම විලාසිතා වලින් පොහොසත් වූ යුගයක් ලෙස සඳහන් කළ හැකියි. මෙම වර්ණවත් අතීතය තුළින් සුන්දර විලාසිතා එකතුවක් ඉදිරිපත් කිරීමට ඔඩෙල් සමත්වී තිබෙනවා. සෑම නව විලාසිතා සමයකදීම ඔඩෙල් විසින් ජාත්‍යන්තර විලාසිතා සන්නාම ඉදිරිපත් කරන අතරම තමන්ගේම විලාසිතා සන්නාමත් පාරිභෝගිකයින් වෙත ඉදිරිපත් කරනවා.’’

    සෑම විලාසිතා එකතුවක්ම හඳුන්වාදෙන විට සිදුකරන ආකාරයෙන්ම මෙවරත් ඔඩෙල් අලෙවිසැල් මෙම විලාසිතා එකතුවේ තේමාවට ගැලපෙන පරිදි වර්ණවත් ලෙස අලංකරණය කර තිබෙන්නේ පාරිභෝගිකයින්ට මධ්‍යතන යුගයේ පැවති වර්ණවත් බව නැවතත් සිහිගන්වන පරිද්දෙනි.

    මෙම නව විලාසිතා එකතුව ඉදිරිපත් කිරීමත් සමගම ඔඩෙල්හි, කොළඹ ඇලෙක්සැන්ඩ‍්‍රා පෙදෙසේ පිහිටි ප‍්‍රධාන අලෙවිසැල අළුත් සිරියක් ගෙන තිබෙන අතර පාරිභෝගිකයින්ගේ පහසුව වෙනුවෙන් වෙනස්කම් කිහිපයක්ද සිදුකර ඇත. ඔඩෙල් අලෙවිසැල් වෙත පැමිණෙන ගැනුම්කරුවන්ට නවීන මධ්‍යතන යුගයේ තේමාවන් දරන ‘ODEL’ සඟරාවේ නවතම සංස්කරණය නොමිලේ ලබාගැනීමේ අවස්ථාවද හිමිවේ.