ෆයිනෑන්ස් ඒෂියා විසින් ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුවට හිමි සම්මානය කොමර්ෂල් බැංකුව වෙත පිරිනමයි

    September, 12, 2016

    පසුගියදා සිංගප්පූරුවේ පැවති ෆයිනෑන්ස් ඒෂියා සඟරාවේ වාර්ෂික සම්මාන ප‍්‍රදානෝත්සවයේදී 2016 වසරේ ශ‍්‍රී ලංකාවේ ‘හොඳම බැංකුව’ වෙත හිමි සම්මානය කොමර්ෂල් බැංකුවට පිරිනමන ලදී.

    ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස ෆයිනෑන්ස් ඒෂියා වෙතින් බැංකුවට මෙම සම්මානය ප‍්‍රදානය කල හයවන වතාව මෙයයි.

    සේයාරුවෙන් දැක්වෙන්නේ කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - අලෙවිකරණ හස්රත් මුණසිංහ මහතා (වමේ) වෙත ෆයිනෑන්ස් ඒෂියා සඟරාවේ ප‍්‍රකාශක ජොනතන් හර්ස්ට් මහතා සම්මානය පිරිනමන ආකාරයයි.