September, 12, 2016
තම වෙළඳ නාමකරණ කි‍්‍රයාවලියේ කොටසක් ලෙස JAT තම සමාගම තුල හා තම ව්‍යාපාරයන් අතර මෙහෙයුම් අංශ හා විකුණුම් අවස්ථා මනාවට පිළිබිඹු වන පරිදි ඒකාබද්ධ වෙළඳ නාමයක් නිර්මාණය කර ඇත.
ඔවුන්ගේ පුළුල් සේවා සමූහයෙන් කොටසක් වන JAT ෆර්නිෂින් යටතේ කාර්යාල, නිවාස හා මුළුතැන්ගේ සඳහා නිර්මාණාත්මක ගෘහ භාණ්ඩ හා උපාංග ද, JAT ලිවින් යටතේ දේපළ වෙළඳාම් වතු සංවර්ධන කටයුතු ඇතුළු ව්‍යාපාර කි‍්‍රයාවලි කළමනාකරණය, සැලසුම් කටයුතු, ඉංජිනේරු හා ඉදිකිරීම් සැලසුම් සම්බන්ධ විසඳුම් සැපයීම ද, JAT පේන්ට්ස් යටතේ දැව ආලේපන, තීන්ත, පින්තාරු බුරුසු, පොටී, ප්ලාස්ටර්, ඇතුළු සියළුම තීන්ත ආලේපන හා ඊට අදාළ උපකරණ අයත් වේ.
ජැට් ෆර්නිෂින් වෙතින් කාර්යාල ආසන හා ගබඩා පහසුකම්, නිදන කාමර, සුව අවකාශ සඳහා නව්‍ය විසඳුම් සපයන අතර බිම් ඇතුරුම් හා සිවිලිම් අවශ්‍යතා සඳහා උපාංග සැපයීමද සිදු කරයි. JAT තම පාරිභෝගිකයන්ගේ විවිධ අවශ්‍යතාවයන්ට සරිලන පරිදි විසඳුම් ඉදිරිපත් කරමින් Herman Miller, Nature සහ Tarkett Flooring, Armstrong Ceilings සහ ALNO යන ලොව සුපතල වෙළඳ නාම වලින් යුත් නිෂ්පාදනයන් ඉදිරිපත් කර තිබෙනවා.
JAT විසින් ඉදිරිපත් කරන නිෂ්පාදන සන්නමයක් වන Herman Miller යනු කාර්යාල ආසන හා ලියන මේස සඳහා ජාත්‍යන්තර කීර්තියට පත් ප‍්‍රමුඛ පෙලේ නිෂ්පාදන සන්නාමයකි. පාරිභෝගිකයාට හිතකර ලෙස නවීන මොස්තරයන්ගෙන් යුත් Herman Miller සෑම නිෂ්පාදනයක් සඳහාම කොන්දේසි විරහිත, වසර 12ක වගකීම් සහතිකයක් ලබා දෙයි. Herman Miller හි සමස්ත නිෂ්පාදන පරාසයට අයත් නිෂ්පාදන වන Aeron, Eame’s Lounge හා Ottoman, Embody, Sayl, Mirra හා Setu යන නිෂ්පාදනයන් මෙරට බෙදාහරින එකම නියෝජිත ආයතනය වීමේ සාඩම්බර උරුමක්කාරයා බවට පත් වීමට JAT හට හැකි වී තිබේ.
JAT තම පාරිභෝගිකයන්ට පිරිනමන ජාත්‍යන්තර නිෂ්පාදන වෙළඳනාම අතරේ ඇති Nature Flooring යනු චීනයේ විශාලතම දැව බිම් ඇතුරුම් නිෂ්පාදන සමාගමකි. Nature පාරිසරික ඉංජිනේරු විද්‍යාවට අනුකූල ශක්තිමත් උණ බටයන්ගෙන් වියන ලද විවිධ මාදිලියේ බිම් ඇතුරුම් නිෂ්පාදන රැුසක් ඉදිරිපත් කරයි. ලෝක සන්නාම ශ්‍රේණිගත කිරීම් අනුව ආසියාවේ ඉතාමත් වටිනා සන්නමයන් 500 අතරේ අංක එකේ දැව බිම් ඇතුරුම් කාණ්ඩය ලෙස Nature Flooring කිරුළු දරා සිටියි.
JAT හි තවත් බෙදාහැරීමක් වන Armstrong Acoustical සිවිලින් යනු හිස් අවකාශයන් තුළ ශබ්දය අවම කිරීම සඳහා යොදා ගන්නා ඉතා අගනා නිෂ්පාදනයකි. Armstrong සන්නාමය තම නිෂ්පාදන කළඹේ එන Acoustical සිවිලිම් යටතේ mineral fibre (ඛනිජ තන්තු) fiberglass (ෆයිබර්ග්ලාස්), perforated metal(සිදුරු සහිත ලෝහ) සහ perforated wood (සිදුරු සහිත දැව) යන විසඳුම් ඉදිරිපත් කරයි.
මෙම වසරේ ගෘහ අවකාශ ආවරණය කිරීමේ ඉලක්කය සහිතව ALNO මුළුතැන්ගෙවල් JAT තම නිෂ්පාදන පෙළට ඇතුළත් කරන ලදී. වසර 85කට වැඩි කාලයක් ALNO නව්‍ය මුළුතැන්ගේ නිර්මාණ හා නිෂ්පාදනයන් අතර ප‍්‍රමුඛස්ථානය ගන්නා නිෂ්පාදන ආයතනයක් වන අතර එය පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා වලට සරිලන පරිදි අද්විතීය හා විශිෂ්ඨ ලෙස මුළුතැන්ගේ කට්ටල නිමවා ඇත.
JAT හෝල්ඩින්ග්ස් 1993 දී ආරම්භ කරන ලද අතර මේ වන විට එහි ආයෝජනයන් ඉතා සීඝ‍්‍රයෙන් ඉහළ ගොස් ඇත . 2014/15 වර්ෂයන්හි 18% ආදායම් වර්ධනයක් හා 38% ක ශුද්ධ ලාභයක් පෙන්වමින් JAT හි දැක්ම හා ඉදිරි ඉලක්ක පෙර නොවූ විරූ ලෙස තහවුරු කරගෙන ඇත.
Video Story