September, 13, 2016
සංචාරක ක්ෂේත්රයට අදාළව සුඛෝපභෝගී සහ විශේෂිත සන්නාම රැගත් Koala සමාගම පසුගියදා නිමාවට පත්වූ 2016 කොළඹ හෝටල් ප්‍රදර්ශනයේදී නරඹන්නන්ගේ විශේෂ අවධානයක් දිනාගැනීමට සමත්විය. Koala සමාගම විසින් හඳුන්වාදෙන අති නවීන නිර්මාණ මෙරට ප්රමුඛ පෙළේ හෝටල් අතර මෙන්ම හෝටල් ආශි‍්‍රත සැපයුම්කරුවන් හා පෞද්ගලික ගැනුම්කරුවන් අතර ප්‍රචලිතව තිබේ. 11 වැනි වතාවට පැවැති කොළඹ හෝටල්ප්රදර්ශනයට එක්වූ හෝටල් ක්ෂේත්රයේ ප්‍රවීණයින්, හෝටල් හිමිකරුවන් සහ වෙනත් පාර්ශ්වද Koala සමාගමේ ප්‍රදර්ශන කුටියට පැමිණ මෙම නිෂ්පාදන දැකබලා ගත්හ.
තම ප්‍රදර්ශන කුටිය වෙත පැමිණි විවිධ තරාතිරමේ පාරිභෝගිකයන්ගේ විවිධ වූ අවශ්‍යතා හඳුනාගනිමින් Nude, Robert Welch, Forbes Industries Asia, Oneida" Saint Andrea හා ස්පාඤ්ඤයේ Vicrilla යන සන්නාම මෙන්ම තමන්ගේම නිෂ්පාදන පෙළක්ද හඳුන්වාදීමට Koala සමාගම කටයුතු කළේය. එවැනි හොඳම තත්ත්වයේ නිෂ්පාදන රැසක් හඳුන්වාදීම නිසාම නරඹන්නන් අතර විශාල අවධානයක් ඒ වෙත යොමුව තිබුණි.
“මෙවර ප්‍රදර්ශනය ඉතාම සාර්ථකයි වගේම එහිදී අපට මුණගැසුණු අනාගත පාරිභෝගික පිරිස දිහා බැලූවමත් විශාල තෘප්තියක් තියෙනවා. විශේෂයෙන්ම අපි මෙහිදී ප්‍රදර්ශනය කළ ජාත්‍යන්තර සන්නාම සියල්ලේම එකම ශී‍්‍ර ලාංකේය නියෝජිතයා වන්නේ අප සමාගමයි. ඒ පසුබිම තුළ අපේ ප්‍රදර්ශන කුටිය වෙත පැමිණි පාරිභෝගිකයන් දෙස බැලූ විටත් ඔවුන් විසින් අසන ලද ප්‍රශ්න දිහා බැලූ විටත් අපි ගොඩක් සතුටට පත්වෙනවා” යැයි Koala සමාගමේ අලෙවි සහ ව්‍යාපාර සංවර්ධන ප්‍රධානී ඉම්තියාස් අසීස් මහතා පැවසීය.
Koala සමාගම තුර්කියේ ඉස්තාන්බුල් නගරය කේන්ද්‍රකරගත් Nude සන්නාමය මෙරටට හඳුන්වා දෙනු ලැබුවේ ද මෙවර ප්‍රදර්ශනය හරහා ය. Nude සන්නාමය යටතේ වර්තමාන විලාසිතාවේ වීදුරු භාණ්ඩ ආදිය ඉදිරිපත් කෙරේ.
ලෝක ප්‍රසිද්ධියට පත් තවත් සුවිශේෂී සන්නාමයක් වන්නේ Robert Welch (RW) ය. ලොව පුරා හෝටල්වල හැඳි ගෑරුප්පු හා මුළුතැන්ගෙයි පිහි ආම්පන්න හා අවන්හල්වල මේසය මත තබන උපකරණ සඳහා Robert Welch සන්නාමය යටතේ උපකරණ සපයනු ලැබේ. මෙම උපකරණ අතර සූපවේදීන් සඳහා වෘත්තීමය පිහි වර්ග මෙන්ම උත්සව ශාලා සහ ගේදොර අවශ්‍යතා සඳහා ද අවශ්‍ය හැඳි ගෑරුප්පු ආදිය වේ.
මේ අතර තමන්ගේම සන්නාමයක් යටතේද Koala සමාගම සුපැහැදිලි පෙනුමකින් යුත් සහ බිඳී නොයන පෙනුමකින් යුත් පොලිකාබනේට් වීදුරු නිෂ්පාදන හඳුන්වා දී තිබේ. ඒවා හෝටල් අංශයේ එළිමහන් කටයුතුවලදී ප්‍රයෝජනයට ගැනීමට වඩාත් උචිත ය.
“ඒ වගේම අපි අපගේම සන්නාමයක් යටතේ වානේවලින් නිර්මාණය කළ නිෂ්පාදන පෙළක්ද හඳුන්වාදී තිබෙනවා. ආහාරපාන ක්ෂේත්රයේ ප්‍රවීණයින් විසින් ඉහළින්ම අනුමත කරන ලද පිටාර නල හා ආහාර රෝස් කරන උපාංග ද ඊට ඇතුළත්. Koala සමාගම හඳුන්වාදුන් තමන්ගේම නිෂ්පාදන පෙළේ ප්‍රමිතිය හා විශිෂ්ට නිමාව සම්බන්ධයෙන් අසන්නට ලැබෙන ඉහළ ප්‍රතිචාරත් සමග ඉදිරියේදී මෙරට ආහාරපාන සේවා කර්මාන්තයේදී එම සන්නාමය ඉහළින්ම රඳවාගැනීමේ හැකියාව ගැනත් අපට ලොකු විශ්වාසයක් තිබෙනවා” යැයි අසීස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
හෝටල් සහ අවන්හල් සේවා සඳහා උපකරණ නිෂ්පාදනය කරන ලොව ප්‍රමුඛතම සන්නාමය වන Forbes Industries Asia ද ආහාර සැකසුම් හා කාමර නඩත්තු සේවා සඳහා තමන් විසින් සපයන උපකරණ රැසක් මෙහිදී ප්‍රදර්ශනය කර තිබුණි. Forbes Industries Asia විසින් ප්‍රමිතියෙන්, කි‍්‍රයාත්මකවීමෙන් මෙන්ම කල්පැවැත්මෙන්ද උසස් ඒ වාගේම කාර්යක්ෂමතාවෙන්ද භාවිතයේ පහසු ස්වභාවයෙන්ද ආරක්ෂාවෙන්ද පොහොසත් නිෂ්පාදන පෙළක් එලෙස සංචාරක කර්මානය සඳහා ඉදිරිපත් කර තිබුණි.
ප්‍රදර්ශන කුටියට පැමිණි පිරිස්වලට Forbes Industries Asia සමාගමේ සභාපති මයිකල් කූ හමුවී එම නිෂ්පාදන පිළිබඳ වැඩිදුරටත් තොරතුරු දැනගැනීමේ හැකියාව ද ලැබුණි.
“2016 කොළඹ හෝටල් ප්‍රදර්ශනයේදී ප්‍රදර්ශනය අපට Forbes නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීමට ඉතා හොඳ අවස්ථාවක් ලබාදුන්නා. එහිදී නරඹන්නන්ගෙන් අපට ලැබුණේ ඉතාම වැදගත් ප්‍රශ්න. ඒවායෙන් ඔවුන් තුළ තිබුණු උද්යෝගී බව හොඳින් කැපී පෙනුණා. ඒ වගේම ඉදිරි වසර කිහිපය තුළදී ශී‍්‍ර ලංකාවේ මහා පරිමාණ හෝටල් ව්‍යාපෘති රැසක් විවෘත වීමට නියමිතයි. ඒ නිසාම අපගේ නිෂ්පාදන සඳහා ශී‍්‍ර ලංකාවේ වැඩි විභවතාවයක් අපි දකිනවා” යැයි මයිකල් කූ මහතා පැවසීය.
“Forbes නිෂ්පාදන පාරිභෝගිකයන් වෙත සමීප කිරීමේදීත් ඔවුන්ට අවශ්‍ය සේවා සම්පාදනය කිරීමේදීත් Koala සමාගම ඉතාම ප්‍රශංසනීය කාර්යභාරයක් සිදුකරන බවත් කිවයුතුමයි” යැයි කූ මහතා වැඩිදුරටත් පැවසීය.
මෙවර ප්‍රදර්ශනයේදී ප්‍රදර්ශකයින් හා නරඹන්නන් අතර සබඳතා ගොඩනගා ගැනීමටද වැඩි ඉඩක් නිර්මාණය වී තිබීම කැපීපෙනුණි. “මෙවර ප්‍රදර්ශනයේදී දැනුම බෙදා හදා ගැනීමටත් සබඳතා ගොඩනගා ගැනීමටත් අවස්ථාවන් රැසක් නිර්මාණය වුණා. එය ඇත්තෙන්ම නිෂ්පාදන සංවර්ධන කාර්යයන් සඳහා ලොකු පිටිවහලක් ” යැයි අසීස් මහතා පැවසීය.

සේයා රුව - Koala සමාගමේ සංචාරක සේවා අංශයේ කණ්ඩායම
වමේ සිට දකුණට : ඉන්තිකාබ් හිල්මි (සහකාර විකුණුම් කළමනාකරු), සමන් ලලිත (අලෙවි විධායක), නිශ්ශංක විජේරත්න ( අලෙවි විධායක), ජොහැනස් ඇලෙක්සැන්ඩර් (අලෙවි කළමනාකරු), දමිත කුරේ (ව්‍යාපෘති අලෙවි කළමනාකරු), ඉම්තියාස් අසීස් (අලෙවි සහ ව්‍යාපාර සංවර්ධන ප්‍රධානී) හා Forbes Industries Asia සමාගමේ සභාපති මයිකල් කූ යන මහත්වරුන්
Video Story