සියැට් ධාවක කණ්ඩායම වලව සුපර්ක්‍රොස් තරඟාවලිය බබලවයි

    September, 17, 2016

    සියැට් ධාවක කණ්ඩායම මේ වසරේ ධාවන තරඟ වලදී දක්වන සුපිරි දස්කම් තව තවත් ඉදිරියට ගෙන යමින් සෙවනගල වලව සුපර්ක්‍රොස් තරඟාවලියේදී ධාවක ශුරතාවය සහ තවත් කැපී පෙනෙන ජයග‍්‍රාහී ස්ථාන 13 ක් වාර්තා කිරීමට සමත්විය.

    මෙහිදී, සියැට් කණ්ඩායමේ ධාවක පසිඳු පීරිස් ීඛඨඔ මෝටර් රථ අංශයේ පැවති තරඟ දෙකම ජයග‍්‍රහණය කරමින් තරඟාවලියේ ධාවන ශුරතාවය දිනාගත් අතර සියැට් ධාවක කණ්ඩායමේ සාමාජිකයින් මෙම තරඟාවලියේදී පළමු ස්ථාන පහක්, දෙවන ස්ථාන හතක් සහ සිව්වන ස්ථානයක් දිනාගන්නා ලදී.

    පසිඳු පීරිස්ට අමතරව කණ්ඩායමේ සාමාජිකයින් වන උපුල්වන් සේරසිංහ සහ ඉවොන් බීx ගුරුසිංහ මෙම තරඟාවලියේදී පළමු ස්ථාන තුනක් දිනාගැනීමට සමත්විය.

    වලව සුපර්ක්‍රොස් තරඟාවලිය ශ‍්‍රී ලංකා යුධ හමුදාවේ විද්්‍යුත් සහ යාන්ත‍්‍රික ඉංජිනේරුවන් SLEME ශ‍්‍රී ලංකා යතුරු පැදි සංගමය SLMCC සමග ඒකාබද්ධව සංවිධානය කරයි.

    2016 සියැට් ධාවක කණ්ඩායම සඳහා උපුවන් සේරසිංහ, ජනක ඩයස්, පසිඳු පීරිස්, ලලින් කිරින්ද, ප‍්‍රසන්න ද අල්විස්, ලෙෆ්ටිනන්ට් කර්නල් දුමින්ද ජයසිංහ, ලෙෆ්ටිනන්ට් කර්නල් ඉන්දු සමරකෝන්, උෂාන් පෙරේරා, මලීක කුරුවිටආරච්චි, ගයන්ත රංගන, ඩෙවීන් සේරසිංහ, ඉවෝන් බී. ගුරුසිංහ සහ දේශාන් සෝලන්කි කියන ක‍්‍රීඩකයින් ඇතුළත් කර තිබේ.

    වලව සුපර්ක්‍රොස් තරඟාවලියට පෙර සියැට් ධාවක කණ්ඩායම 2016 වසර වෙනුවෙන් පැවති ධාවන තරඟ වලදී පිට පිටම පස් වතාවක් මෝටර් රථ කණ්ඩායම් ශුරතාවය සහ දෙවතාවක් යතුරු පැදි කණ්ඩායම් ශුරතාවය දිනා ගෙන ඇත.

    2016 සියැට්-ස්ලාඩා ශුරතාවලිය වෙනුවෙන් ශ‍්‍රී ලංකා ඔටෝ-ස්පෝර්ට්ස් ඩ‍්‍රයිවර්ස් ඇසෝසියේෂන් SLARDA විසින් සංවිධානය කරන ධාවන තරඟ පහකදී සහ ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරු පැදි ධාවකයින්ගේ සංගමය SLARDAR විසින් 2016 වසරේ පවත්වන ධාවන තරඟ හතරක් ඒකාබද්ධ කරන CEAT Sri Lanka Super Seriesතරඟාවලියෙහි මෙම කණ්ඩායම සියැට් වර්ණ යටතේ තරඟ වදිනු ඇත.

    සේයාරුවෙන් දැක්වෙන්නේ 2016 වලව සුපර්ක්‍රොස් තරඟාවලියේ ධාවන ශුරතාවය දිනාගත් පසිඳු පීරිස් මහතායි.