සෙලින්කෝ ලයිෆ් ‘ෆැමිලි සවාරි 10’ වැඩසටහනේ සුපිරි ත්‍යාගය ලෙස එංගලන්තයට සවාරියක්

    September, 17, 2016

    සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් 2017 වසර වෙනුවෙන් සංවිධානය කරන සංධිස්ථානාත්මක 10 වන ‘ෆැමිලි සවාරි’ වැඩසටහනේ සුපිරි ත්‍යාගය ලෙස සියළු වියදම් දරමින් රක්ෂණ ඔප්පු හිමියන් පස් දෙනෙකු සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට එංගලන්තයේ සංචාරය කිරීමේ අවස්ථාව ලබාදෙන බව සමාගම නිවේදනය කර ඇත.

    සුපිරි ත්‍යාගය ලෙසින් මෙවර ප‍්‍රවර්ධන වැඩසටහනට ඇතුළත් වන මෙම නව ගමනාන්තය නිවේදනය කිරීමේ අවස්ථාව පසුගියදා කොළඹදී පැවති අතර ඒ සඳහා සෙලින්කෝ ලයිෆ් ශාඛා ප‍්‍රධානීන් සහභාගී විය. සමාගම සඳහන් කරන්නේ 10 වන ‘ෆැමිලි සවාරි’ වැඩසටහන යටතේ සමාගම විසින් සියළු වියදම් දරන ඩුබායි සහ සිංගප්පූරු සංචාර දිනා ගැනීමේ අවස්ථාවත් ලෙෂර් වර්ල්ඞ්හිදී දිනක් ප‍්‍රීතිවීමේ අවස්ථාවත් මෙවරද රක්ෂණ ඔප්පුහිමි පවුල්වල සාමාජිකයින්ට හිමිවන බවයි.

    මෙම දැවැන්ත ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ සෙලින්කෝ ලයිෆ් විසින් පසුගිය වසර තුන තුළදී සුපිරි ත්‍යාගය ලෙස ජපානය (2014), ස්විට්සර්ලන්තය (2015) සහ ජර්මනිය (2016) යන රටවල සංචාරය කිරීමේ අවස්ථා පිරිනමන ලදී. සමස්තයක් ලෙස ගත්විට මෙම වැඩසටහනින් මේ දක්වා විදේශ සංචාර සහ ලේෂර් වර්ල්ඞ් සවාරි දිනාගත් සංඛ්‍යාව 17,000 ඉක්මවන බව සමාගම සඳහන් කරයි.

    ‘‘මෙම වැඩසටහන වියදම් අතින් සහ සංවිධානය කිරීම අතින් විශාල කටයුත්තක් වූවත් රක්ෂණ ඔප්පුහිමියන්ට මෙම වැඩසටහනේ තිබෙන වැදගත්කම හමුවේ මෙය දිගටම පවත්වාගෙන යාමට අමතරව අපි විසින් සෑම වසරකම මෙහි කටයුතු තවදුරටත් පුළුල් කරනවාල’’ යනුවෙන් මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ නියෝජ්‍ය ප‍්‍රධාන විධායක නිළධාරී, තුෂාර රණසිංහ මහතා සඳහන් කළේය. ‘‘මෙම වැඩසටහන මගින් විශාල රක්ෂණ ඔප්පුහිමියන් ප‍්‍රමාණයක් ප‍්‍රතිලාභ ලබන අතරම රටේ සියළුම පළාත් නියෝජනය කරන රක්ෂණ ඔප්පු හිමියන්ගේ පවුල්වල සාමාජිකයින් අතර මනා අන්තර් සබඳතාවයක් මේ නිසා ගොඩ නැගෙනවා.’’

    සෙලින්කෝ ලයිෆ් ‘ෆැමිලි සවාරි 10’ වැඩසටහනේ දෙවැනි ත්‍යාගය වන්නේ සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන් 10 දෙනෙකුට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට පිරිනමන ඩුබායි සංචාරයයි. මේ අතර, තවත් රක්ෂණ ඔප්පු හිමියන් 50 දෙනෙකු හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට සිංගප්පූරුවේ සංචාරය කිරීමට අවස්ථාව ලබාදෙන අතර රක්ෂණ ඔප්පු හිමියන් 500 දෙනෙකුට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ලෙෂර් වර්ල්ඞ්හිදී දිනක් ප‍්‍රීතිවීමේ අවස්ථාව මෙවර ප‍්‍රවර්ධන වැඩසටහන මගින් සෙලින්කෝ ලයිෆ් ලබාදෙයි.

    ‘ෆැමිලි සවාරි 10’ වැඩසටහනේ ප‍්‍රවර්ධන කාල සීමාව 2016 දෙසැම්බර් මාසයෙන් අවසන් වේ. මෙහිදී, සියලූම ක‍්‍රියාකාරී දිගුකාලීන ජීවිත රක්‍ෂණ ඔප්පු හිමියන්ට මෙන්ම සෙලින්කෝ ලයිෆ් විශ‍්‍රාම සැලසුම් CRA ගිණුම් හිමියන්ට දිනුම් ලබාගැනීමේ අවස්ථා රැුසක් හිමිවන අතර එය රක්ෂණ ඔප්පුවේ කාල සීමාව අනුව වැඩිවේ. නව රක්‍ෂණ ඔප්පු හිමියන් අතරින් අඩුම වශයෙන් වාරික තුනක් ගෙවා රක්ෂණ ඔප්පුව ක‍්‍රියාකාරී අයුරින් පවත්වාගන්නා ඔප්පු හිමියන් මෙම ත්‍යාග දිනා ගැනීමට සුදුසුකම් ලබයි.

    ඔප්පු හිමියන්ගේ ළබැඳි බවට වටිනාකමක් එක් කිරීමට සෑම වසරකදීම ඔවුන්හට අමතර දිනුම් අවස්ථාවක් එක් කිරීමට සමාගම කටයුතු කරන අතර දශකයකට හෝ ඊට වැඩි කාලයක් ඔප්පුව ප‍්‍රාණවත්ව පවත්වාගෙන යන ඔප්පු හිමියන්ට උපරිම ලෙස දිනුම් අවස්ථා 10 දක්වා හිමිකර ගත හැක. මීට අමතරව, බැංකු අණකර වැනි සෘජු ගෙවීමේ ක‍්‍රමයක් භාවිතා කරමින් අවම වශයෙන් වාරික තුනක් ගෙවා තිබෙන රක්ෂණ ඔප්පු හිමියන්ටද අමතර දිනුම් අවස්ථාවක් හිමිවේ.

    සමාගම පවසන්නේ අර්ධ වාර්ෂික දිනුම් ඇදීම යටතේ ජයග‍්‍රාහකයින් තෝරා ගැනීම 2016 නොවැම්බර් මාසය මැදදී පවත්වන දිනුම් ඇදීම මගින් සිදුකරන බවත් අවසාන මහා දිනුම් ඇදීම 2017 ජනවාරි මාසයේදී පවත්වන බවයි. සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි වැඩසටහනේ සන්නාම තානාපතිවරුන් වන්නේ ශ‍්‍රියන්ත මෙන්ඩිස් මහතාල සංජීවනී වීරසිංහ මහත්මියල රොෂාන් රණවන මහතා සහ ඔහුගේ ප‍්‍රියබිරිඳ වන කුෂ්ලානී මහත්මිය යන අයයිග 2004 වසරේ සිට ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ වෙළෙඳපොළ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර තිබේ. නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක‍්‍රියාකර තිබෙන ආකාරය අනුව දේශීය රක්ෂණ කර්මාන්තයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම මිනුම් ලකුණක් වේ.

    සෙලින්කෝ ලයිෆ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, ආර්. රෙන්ගනාදන් මහතා සහ නියෝජ්‍ය ප‍්‍රධාන විධායක නිළධාරී, තුෂාර රණසිංහ මහතා (දකුණේ දෙවැන්නා සහ දකුණේ කෙළවරේම) ‘ෆැමිලි සවාරි 10’ වැඩසටහන එළිදැක්වීමේ අවස්ථාවේදී වැඩසටහනේ සන්නාම තානාපතිවරුන් සමග