September, 17, 2016
ලොව ප්රමුඛතම සන්නිවේදන මෙවලමක් වන Viber, සිය ස්ටිකර් නිර්මාණය කිරීමේ අවස්ථාව දැන් මෙරට Viber පාරිභෝගිකයන්ට හිමිකර දී ඇත. Viber Design & Win යනුවෙන් නම් කර ඇති මෙම තරගාවලියේ ජයග්රාහකයින් තිදෙනෙකුට Apple iPad එක බැගින් හිමි වේ. මෙම ස්ටිකර් ශී්ර ලංකාවේ මිලියන 5කට අධික Viber පාරිභෝගිකයන් පිරිසක් විසින් බෙදාහදා ගනු ලබනු ඇත. එමෙන්ම, ඉදිරි ස්ටිකර් නිර්මාණය කිරීම සඳහා Viber නිල නිර්මාපකයන් ලෙස ඉදිරිපත් වීමටත් මෙමගින් අවස්ථාව හිමි වේ.
අවසන් වටය සඳහා තේරී පත්වන සියලූ ම තරගකරුවන් හට සහභාගීත්වය වෙනුවෙන් සහතික පත්රයක් පිරිනැමෙන අතර ඔවුන් හට ලොව පුරා ඪසඉැර සමාජ ජාල තුළ ප්රචාරය ලබා දීමට ද සංවිධායකයන් සැලසුම් කර ඇත. තරගය සඳහා නිර්මාණ යොමු කළ හැකි අවසන් දිනය ඔක්තෝබර් 12 වනදාය.
මෑතකදී හඳුන්වා දෙන ලද ශී්ර ලාංකේය ස්ටිකර් සඳහා පවතින අධික ඉල්ලූම පිළිබඳ අවධානය යොමු කරමින් Viber සමාගම මෙම තරගාවලිය සංවිධානය කරයි. සෑම මසකම ශී්ර ලංකාව තුළ හුවමාරු වන Viber ස්ටිකර් ප්රමාණය මිලියන 96 ඉක්මවයි.
”ශී්ර ලාංකේය ජනතාව කුසලතාවන්ගෙන් සහ නිර්මාණශිලිත්වයෙන් අනූනයි. Viber Design & Win තරගාවලිය මෙරට විශ්ව විද්යාල සිසුන්ට, කලාකරුවන්ට සහ නිර්මාණශීලි ප්රජාවට විවෘතයි. ශී්ර ලාංකේය ජනතාවගේ ආදරය, මිතුදම හෝ වෙනත් ඕනෑම Viber ජාලය තුළ සැමගේ කතාබහට ලක් කළ හැකි තේමාවක් ඔස්සේ සිය නිර්මාණ ඉදිරිපත් කළ හැකියි.” Viber දකුණු ආසියානු කලාපයේ ප්රධානී අනුභව් නයියර් මහතා සඳහන් කළේය.
වයස අවුරුදු 18 ට වැඩි ඕනෑම අයෙකුට මේ සඳහා ඇතුළත් විය හැකි අතර එම නිර්මාණ ඡුායාරූපයක් jpeg එකක් හෝ ස්කෑන් කරන ලද ලිපියක් ලෙස හෝ යොමු කළ හැකිය. එම නිර්මාණ සමග තරගකරුගේ නම, ජංගම දුරකථන අංකය සහ ස්ටිකර් පිළිබඳ කෙටි විස්තරයක් ද එවිය යුතුය.
සියලූ ම නිර්මාණ ඔක්තෝබර් මස 12 වන සඳුදාට පෙර partnerships.srilanka@viber.com යන ලිපිනයට යොමු කළ යුතු අතර ඔක්තෝබර් 24 වනදා සියලූ ම ජයග්රාහකයන් තෝරා ගනු ලැබේ. සලකා බැලෙන සියලූ ම නිර්ණායක සහ කොන්දේසි www.viberdesignandwin.com වෙත පිවිසීමෙන් ලබා ගත හැකිය.
Video Story