Huawei වෙතින් “Sing with the Stars“

    September, 19, 2016

    භාතිය - සන්තුෂ් සමඟ ගයන්නට අවස්ථාවක්

    ශ්‍රී ලංකාවේ වේගයෙන්ම අලෙවි වන ස්මාර්ට්ෆෝන් වෙළඳ නාමයක් වන Huawei විසින් “Sing with the Stars“ නමින් ගායන තරඟාවලියක් සංවිධානය කරයි. මෙම තරඟාවලිය සමාජ ජාල ඔස්සේ පැවැත්වෙන අතර මේ සඳහා සහභාගි වීමට භාතිය - සන්තුෂ් දෙපළ විසින් ගයන ගීතයක තත්පර 30ක කොටසක් ගායනා කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් Huawei ෆේස්බුක් පිටුවට යොමුකළ යුතු වෙයි.

    මේ ආකාරයට Huawei ෆේස්බුක් පිටුව වෙත යොමුකරන ගීත අතුරින් හොඳම ජනප්‍රියතම ගායනය ඉදිරිපත් කරන තරඟකරුවන් මෙහිදී ජයග්‍රහණය ලබන අතර Huawei හි ඩිජිටල් සන්නාම තානාපතිවරුන් වන භාතිය - සන්තුෂ් සමඟ ප්‍රසිද්ධ වේදිකාවේ ගීත ගායනා කිරීමට ජයග්‍රාහකයින්ට අවස්ථාව හිමිවෙයි.

    Huawei Mobile Sri Lanka ෆේස්බුක් පිටුවෙහි wall එක වෙත තරඟකරුවන්ට වීඩියෝ පට යොමු කළ හැකි අතර එසේ නොමැති නම් inbox කළ හැකිය. මෙම තරඟාවලිය මාස දෙකකට අධික කාලයක් පුරා පැවැත්වෙන අතර එම කාලය තුළ හොඳින් සූදානම් වී තරඟකරුවන්ට තරඟය සඳහා සහභාගි වීමේ අවස්ථාව පවතී. මේ ආකාරයට යොමු කෙරෙන වීඩියෝ අතුරින් ජනප්‍රියතාව අතින් ඉහළම වීඩියෝව ජයග්‍රාහී වීඩියෝව බවට පත්වන අතර එම ජයග්‍රාහකයාට භාතිය - සන්තුෂ් සමඟ එකම වේදිකාවක ගීත ගායනා කිරීමට අවස්ථාව හිමිවෙයි.

    පසුගිය වසරේදී මෙන් 2016 වසර තුළදී ද Huawei කැපී පෙනෙන වර්ධනයක් අපේක්ෂා කරයි. GFK Q3 2016 වාර්තා වලට අනුව ශ්‍රී ලංකාවේ ස්මාර්ට්ෆෝන් වෙලඳ පළේ 24.4% ප්‍රමාණයක වර්ධනයක් පෙන්නුම් කරමින් මෙරට ස්මාර්ට්ෆෝන් වෙලඳ පළේ අංක දෙක හිමිකරගැනීමට Huawei සමත් වී තිබේ. 2016 වසරේ Brand Finance වාර්තා වලට අනුව ලොව වටිනාතම වෙළඳ නාම 100 අතර 47 වන ස්ථානය හිමිකර ගැනීමට Huawei සමත්ව තිබේ.