June, 5, 2026
ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම 2026 අප්‍රේල් මාසයේ පැවති ඩොලර් මිලියන 6,766 සිට 2026 මැයි මාසයේ දී ඩොලර් මිලියන 6,873ක් දක්වා 1.6%කින් වර්ධනය වී තිබේ.
මේ අතර නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය 2026 මැයි මාසය තුළ දී ඩොලර් මිලියන 6,511 සිට ඩොලර් මිලියන 6,652ක් දක්වා 2.2%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.
චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම් මෙම සංචිත වතකම් තුළ අන්තර්ගත වේ.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.