June, 8, 2026
පසුගිය සතියේ අවසාන වෙළෙඳපොළ දිනය (05) හා සැසඳීමේ දී එක්සත් ජනපද ඩොලරය අද (08) දිනයේ දී සුළු වශයෙන් පහළ ගොස් ඇති බව නිරීක්ෂණය වේ.
එහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 332.27 සිට රු. 331.22 දක්වා ත්, විකුණුම් මිල රු. 342.00 සිට රු. 341.04ක් දක්වා ත් පහළ ගොස් තිබේ.
වානිජ බැංකු විසින් ප්‍රකාශිත විනිමය අනුපාතිකයන් සැලකීමේ දීද අද (08) පෙරවරුව වන විට ඩොලරයේ ගනුදෙනු මිල ගණන් පසුගිය සිකුරාදා (05) දිනට සාපේක්ෂව සුළුවශයෙන් උච්ඡාවචනය වී ඇති බව වාර්තා වේ.
මෙරට ප්‍රමුඛ වාණිජ බැංකු කිහිපයක් විසින් අද (08) දින ප්‍රකාශයට පත් කර තිබූ ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහත දැක්වේ.
ලංකා බැංකුව: 331.50 | 340.50
මහජන බැංකුව: 330.43 | 338.74
කොමර්ෂල් බැංකුව: 331.00 | 340.00
හැටන් නැෂනල් බැංකුව: 331.50 | 341.00
සම්පත් බැංකුව: 331.50 | 340.50
සෙලාන් බැංකුව: 330.00 | 339.00
නේෂන්ස් ට්‍රස්ට් බැංකුව: 331.41 | 342.59
Video Story