September, 21, 2016
මෙරට පාරිභෝගිකයින් අතර අතිශයින් ජනප්‍රිය පවිත්රකාරක, සනීපාරක්ෂක සහ මෝටර් රථ පවිත්රකිරීමේ නිෂ්පාදන පෙලක් හඳුන්වා දී ඇති ‘බ්රයිටෝල්‘, සිය නවතම අලෙවි සංනිවේදන වැඩසටහන සමග නවතම සන්නාම සංකේතය එළිදැක්වීමට පසුගියදා කටයුතු කලේය. කොළඹ වෝටර්ස් එජ් හීදී පැවැත්වුණු මෙම උත්සවයට සමාගමේ ඛෙදාහරින්නන් සහ කාර්ය මණ්ඩලය ඇතුළුව 175 කට අධික පිරිසක් සහභාගි වූහ.
‘බ්රයිටෝල්‘ නිරතුරුව ව්‍යාපාර ක්ෂේත්රයේ ආචාරධර්මවලට අනුකූලව කටයුතු කරන අතර, එහි නවතම අලෙවි ප්‍රවර්ධන වැඩසටහනද මෙම ගුණාංගය හා සමගාමී වේ. ‘සිතට සුදක්‘ යනුවෙන් මෙය නම් කර ඇති අතර, අභ්‍යන්තර පිරිසිදුකම බාහිර පිරිසිදුකමට ද මග පාදන බවත්, අභ්‍යන්තර පිරිසිදුකම බාහිර පිරිසිදුකමට ද මග පාදන බවත්, එය ළඟා කරගත හැක්කේ යහපත් චර්යාවන්ට අනුව කටයුතු කිරීමෙන් බවත්, මේ හරහා අවධාරණය කෙරේ.
එමෙන්ම මෙහිදී මවක්, පියෙක් සහ දරු දෙදෙනෙක් ඇතුළු ප්‍රීතිමත් පවුලක් නිරූපණය කරන ‘හැපි ෆැමිලි‘ නම් සමාගමේ නවතම සන්නාම සංකේතය ද හඳුන්වාදෙන ලදී. පවුල් සංස්ථාවක සැබෑ වටිනාකම් හා අගයන් කෙමෙන් වියැකී යන මෙවන් වකවානුවක, එසේ සමාජයෙන් ගිලිහෙන සාරධර්ම යළි සිහිපත් කරමින්, ඒවා යළි සමාජගත කරන්නට මෙම වැඩසටහන හරහා ‘බ්රයිටෝල්‘ උත්සාහ දරයි.
මෙම අවස්ථාවට එක්වෙමින් ‘බ්රයිටෝල්‘ නාමයේ හිමිකාරීත්වය දරන ඇන්ට්ලර් ව්‍යාපාර සමූහයේ සභාපති ආනන්ද ජයසිංහ මහතා පවුල් සංස්ථාවේ අගය සහ එහි වැදගත්කම පිළිබඳව අවධාරණය කලේය. මෙය ඇන්ට්ලර් ව්‍යාපාර සමූහයේ මූලික හරයන් හා සමගාමී වන අතර එහි ලාංඡනය මගින්ද එය නිරූපණය වේ. පවුල් සංස්ථාවේ මූලිකම ලක්ෂණය මානුෂීය ගුණය බව පෙන්වාදුන් ජයසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ, ලොව මනුෂ්‍යත්වයේ උල්පත වන්නේ පවුල් ඒකකය බවයි. සමානාත්මතාවය පැවතෙන පිවිතුරුම ස්ථානය එය බවද ඒ මහතා අවධාරණය කළේය.
‘බ්රයිටෝල්‘ නිෂ්පාදන නිපදවන ඇන්ට්ලර් ඉන්ඩස්ට්‍රීස් සමාගමේ සාමාන්‍යාධිකාරී (අලෙවි) ක්‍රිෂාන්ත ප්‍රනාන්දු මහතා මෙම නව සන්නාම සංකේතය හඳුන්වාදීමට පදනම්වූ ක්‍රමෝපාය, පවුලේ වටිනාකම් මූලික කරගත් ප්‍රවර්ධන වැඩසටහනක් හඳුන්වාදීමට මූලික වූ හේතු සහ ‘සිතට සුදක්‘ වැඩසටහන නිර්මාණය වූ ආකාරය රැස්ව සිටි පිරිසට පැහැදිලි කළේය. පවුලේ වටිනාකම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කිරීමටද සමාගම සැලසුම් කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.
මේ වන විට මෝටර් රථවල අභ්‍යන්තර හා බාහිර කොටස් පවිත්රකාරක, කාර්යාල, නිවෙස්, රෝහල්, හෝටල්, පාසල්, කර්මාන්තශාලා හා ආපනශාලාවන් යනාදිය පිරිසිදු කිරීමට අදාළ භාණ්ඩ රැසක් යටතේ අතිශයින් ජනප්‍රිය ‘බ්රයිටෝල්‘ නිෂ්පාදන පෙළක් වෙළඳපොළට හඳුන්වාදී ඇත. මෙම සෑම ක්ෂේත්රයකටම අදාළව විසබීජනාශක නිෂ්පාදන වර්ග රැසක් ද ‘බ්රයිටෝල්‘ නාමය යටතේ නිපදවනු ලැබේ. මෑතකදී හඳුන්වාදුන් ‘බ්රයිටෝල් සුපර් ඩිටර්ජන්ට් පවුඩර්‘ නැමැති රෙදි සේදුම් නිෂ්පාදනයද, පාරිභෝගිකයන් අතර ඉතාමත් ජනප්‍රිය තවත් නිෂ්පාදනයක් ලෙස හැඳින්විය හැක.
1989 වර්ෂයේදී ස්ථාපිත ඇන්ට්ලර් ඉන්ඩස්ටී්රස් සමාගම රථවාහන සඳහා නිෂ්පාදන, නිවාස සහ ආයතන සඳහා නිෂ්පාදන සහ රෙදි සේදුම් නිෂ්පාදන යන ප්‍රධාන කාණ්ඩ 3 යටතේ ගෘහස්ථ හා කාර්මික නිෂ්පාදන පෙළක් වෙළඳපොළට ඉදිරිපත් කරයි. එහි නිෂ්පාදනවල උසස් ප්‍රමිතිය සහ හොඳම අමුද්‍රව්‍ය භාවිතා කිරීම වැනි සාධක නිසා එම සමාගමේ බ්රයිටෝල් සන්නාමය මේ වන විට මෙරට පාරිභෝගිකයන් අතර ඛෙහෙවින් ජනප්‍රිය නාමයක් බවට පත්වී තිබේ. මුළුතැන්ගෙය, පැන්ට්‍රිය, විසිත්ත කාමරය, කෑම කාමරය සහ නානකාමර ඇතුළුව නිවාස හෝ වෙනත් ගොඩනැගිලිවල ඕනෑම ස්ථානයක් සඳහා භාවිතා කළ හැකි නිෂ්පාදන රැසක් බ්රයිටෝල් නාමය යටතේ වෙළඳපොළට පැමිණේ.
ඡායාරූපය - ඇන්ට්ලර් ව්‍යාපාර සමූහයේ සභාපති, ආනන්ද ජයසිංහ මහතා උත්සව සභාව අමතමින්
Video Story