Huawei නිසා දිවි බේරෙයි

    September, 22, 2016

    විද්‍යා ප්‍රබන්ධ කථා වල පමණක් අසා ඇති ආකාරයේ පුවතක් දකුණු අප්‍රිකාවෙන් වාර්තා වෙයි. ඒ Huawei ස්මාර්ට්ෆෝනයක් විසින් පුද්ගලයෙකු මරණයෙන් බේරා ගැනීමේ ප්‍රවෘත්තියකි. දකුණු අප්‍රිකාවේ දෙවන විශාලතම නගරය වන කේප් ටවුන් හි පුද්ගලයෙකු මෙලෙස සිය Huawei ස්මාර්ට්ෆෝනය නිසා ජීවිතය බේරාගැනීමට සමත්වී තිබේ.

    41 හැවිරිදි දකුණු අප්‍රිකානුවෙකු වන සිරාජ් ආබ්‍රම්ස් රථවාහන සහ තොරතුරු තාක්ෂණ ව්‍යාපාරයක හිමිකරුවකි. පස් දරු පියෙකු වන මෙම පුද්ගලයා පසුගිය අගෝස්තු 30 වනදා කේප් ටවුන් හි දී හදිසියේම වෙඩි ප්‍රහාරයකට ලක්ව තිබේ. මෙම වෙඩි ප්‍රහාරය ඔහුගේ පපු පෙදෙසට එල්ල වී ඇති අතර ඒ වනවිට සිය ජැකට්ටුවේ සාක්කුවේ තිබූ Huawei P8 Lite ස්මාර්ට්ෆෝනයට එල්ල වී තිබේ. වෙඩි ප්‍රහාරයෙන් පසුව ඔහු පරීක්ෂා කර බැලීමේදී සිය ජැකට්ටුවේ ස්මාර්ට්ෆෝනය දමා ගෙන සිටි සාක්කුව සිදුරු වී තිබු අතර ස්මාර්ට්ෆෝනය කැබලි වලට කැඩී ගොස් තිබූ බව දැක ඇත. වෙඩි උණ්ඩ තම සිරුර පසාරු කරගෙන යාම වැළැක්වුනේ Huawei P8 Lite ස්මාර්ට්ෆෝනය නිසා බව පසු ඔහු අවබෝධ කරගෙන තිබේ.

    ස්මාර්ට්ෆෝනයක් මඟින් වෙඩි උණ්ඩයක් වැළැක්වූ ලොව ප්‍රථම අවස්ථාව මෙය නොවේ. මීට පෙරදී ද ගෝතමාලා හි වනාන්තරයක පර්යේෂණ කටයුතු කරමින් සිටි මිල්වර්ට් බ්‍රවුන් නැමැත්තා වෙඩි හුවමාරුවකට මැදිව ඇති අතර එහිදී එල්ලවු වෙඩි ප්‍රහාරයකින් ඔහු ආරක්ෂා වී ඇත්තේ ඔහු භාවිත කරමින් සිටි Huawei Media Pad එක වෙත එම වෙඩි ප්‍රහාරය එල්ල වීම හේතුවෙනි. මීට සමාන තවත් ප්‍රවෘත්ති වරින් වර iPhone සහ Samsung ස්මාර්ට්ෆෝන් සම්බන්ධයෙන් ද වාර්තා වී තිබේ. ඒ අනුව සලකා බැලූ කල වර්තමානයේදී ස්මාර්ට්ෆෝනය වෙඩි නොවදින උපකරණයක් ලෙස වුවද භාවිත කෙරෙමින් පවතියි.

    Huawei වැනි ලොව ප්‍රමුඛ ස්මාර්ට්ෆෝන් මඟින් මෙලෙස වෙඩි උණ්ඩ වලින් පවා මිනිසාට ආරක්ෂාව සපයන්නේ ඒවායේ ඇති දෘඩාංග හෝ මෘදුකාංග වල විශේෂත්වය නිසා පමණක් නොව නිෂ්පාදනයේදී ගුණාත්මක භාවය ආරක්ෂා කිරීම හේතුවෙනි.

    ඉහත සිදුවීම් වලට සම්බන්ධ ස්මාර්ට්ෆෝන් අතුරින් උදාහරනයක් ලෙස Huawei ස්මාර්ට්ෆෝනය සලකා බැලීමේදී ලොව තුන්වන ස්ථානයේ පසුවන ස්මාර්ට්ෆෝන් වෙළඳ නාමයක් ලෙස ලොව රටවල් 170 කට අධික සංඛ්‍යාවකට ස්මාර්ට්ෆෝන් මිලියන 100 ක් පමණ අපනයනය කර ඇත. සිය පාරිභෝගිකයා වෙනුවෙන් හොඳම ස්මාර්ට්ෆෝනයක් නිපදවීම සම්බන්ධයෙන් Huawei උනන්දුවන අතර ඇතැම් අවස්ථාවල එහි අන්තයටම ගමන් කරයි. ජාත්‍යන්තරව පිළිගත් තත්ව කළමණාකාරණ පද්ධතියකට අනුව Huawei ස්මාර්ට්ෆෝන් නිපදවන අතර පර්යේෂණ සහ සංවර්ධන, අමුද්‍රව්‍ය, ආදිය පිළිබඳව මෙහිදී විශේෂයෙන් සැලකිලිමත් වෙයි. මේ නිසා තත්වයෙන් උසස් නිෂ්පාදනයක් එලිදැක්වීම සඳහා Huawei නිරතුරුවම කටයුතු කරයි. ඇමරිකාවේ සහ යුරෝපයේ සම්මත ප්‍රමිතීන් වලට වඩා උසස් ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදනයක් සිය පාරිභෝගිකයා වෙත හඳුන්වා දීමට Huawei නිරතුරුවම කැපවී සිටියි.

    සිය නිෂ්පාදන වල තත්වය පරීක්ෂා කිරිම සඳහා Huawei සතුව අති නවීන පර්යේෂණාගාර ඇති අතර එම පර්යේෂනාගාර වලදී Huawei ස්මාර්ට්ෆෝන් ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණ වලට ලක් කරයි. මේ අනුව Huawei ස්මාර්ට්ෆෝනයක් එම අති නවීන පරික්ෂණාගාර තුළදී ඉහළම තාක්ෂණය යොදාගනිමින් පරීක්ෂා කෙරේ. Huawei ස්මාර්ට්ෆෝන් වල එන සියලු විශේෂාංග සිය දහස් වරක් වෙන වෙනම පරීක්ෂාවට ලක්කේරෙන අතර පැය 72 ක් පුරා සූර්ය විකිරණශිලීතාව, පැය 48ක් පුරා උණුසුම් පරිසරය සිසිල් පරිසරය යානාදී වශයෙන් මේ ඕනෑම තත්වයකකට ඔරොත්තු දෙන ආකාරයට පර්යේෂණාගාර පරීක්ෂා කිරීම් රැසකට Huawei ස්මාර්ට්ෆෝනය ලක් කෙරේ. මෙහි ස්පර්ශක තිරය ලක්ෂ 8 වරක් පරණ පරීක්ෂා කෙරේ.

    “ඉහළ තත්වය Huawei හි සම්පූර්ණත්වය “ බව Huawei පාරිභෝගික ව්‍යාපාර සමූහයේ ප්‍රධාන විධායක නිලධාරි රිචඩ් යු මහතා පෙන්වා දෙයි. Huawei හි අනගිතම පළපුරුදු සේවකයින් අඩුපාඩු නොමැති නිෂ්පාදනයන් සිදු කිරීම සම්බන්ධයෙන් ප්‍රවීණයින් බව ද ඒ මහතා පවසා තිබේ.

    අභ්‍යන්තර තත්ව පාලනය Huawei ස්මාරට්ෆෝන් නිපදවීමේදී අනුගමනය කරන ප්‍රධාන ප්‍රතිපත්තියකි. නිෂ්පාදන අමුද්‍රව්‍ය ලබාගැනීමේදී විශේෂයෙන් උසස් තත්වයෙන් යුතු අමුද්‍රව්‍ය භාවිත කිරීමට Huawei උනන්දු වන අතර එතුළින් ගුණාත්මක බවින් ඉහළ නිෂ්පාදනයක් එළදැක්වීම ඔවුන්ගේ අරමුණයි. උදාහරණයක් වශයෙන් ස්මාර්ට්ෆෝන් නිපදවීම සඳහා යොදාගන්නා ගම් වර්ග පවා තෝරා ගැනීමේදී Huawei වඩා සැලකිලිමත් වන අතර එමඟින් වඩා උසස් ගුණත්වයෙන් යුතු නිෂ්පාදනයක් පාරිභෝගිකයා වෙත ඉදිරිපත් කිරීමට Huawei උනන්දු වෙයි.සිය ස්මාර්ට්ෆෝන් සඳහා යොදාගන්නා ලෙන්ස් මිළදී ගැනීමේදී පමණක් නොව ගම් වර්ග මිලදී ගැනීමේදී පවා Huawei අනුගමනය කරන්නේ එකම ප්‍රතිපත්තියකි.

    ඉතා සුපැහැදිලි ඉලක්කයකින් යුතුව Huawei කටයුතු කරයි එනම් “උසස් තත්වයේ නිෂ්පාදන සඳහා වන වෙළඳ නාමය බවට පත්වීම ඒ අතුරින් ප්‍රධාන වෙයි. එමෙන්ම ‍වෙළඳ පළ තුළ එම පිළිගැනීම පහළ වැටෙන්නේ නම් එම අභියෝගය ජයගෙන වෙළඳ පළ තුළ ස්ථාවර වීමට ඇප කැපවීම අනික් කාරණයයි. සෑම වසරකදීම 30% ක වර්ධනයක් Huawei අපේක්ෂා කරන අතර එය 20% මට්ටමින් මේ වනවිට පවත්වාගෙන යයි.

    (මෙය Huawei සමාගම විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයකි.)