IMF නියෝජිතයින් පිරිසක් බදාදා දිවයිනට

    June, 21, 2026

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට දූත මණ්ඩල ප්‍රධානී එවන් පපාජෝ(ර්)ජියෝ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කණ්ඩායමක් එළඹෙන බදාදා (24) සිට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත බව දැනුම් දී සිටී.

    එවන් පපාජෝ(ර්)ජියෝ මහතා විසින් LinkedIn සටහනක් තබමින් මේ බව නිවේදනය කළ අතර ජූනි 24 සිට 30 දක්වා මෙම සංචාරය ක්‍රියාත්මක වනු ඇත.

    මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළේ වත්මන් ප්‍රගතිය ඇගයීම මෙම සංචාරයේ මූලික අරමුණ වන අතර සංචාරය අතරතුර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් විසින් රජයේ බලධාරීන් සහ විවිධ පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.