June, 24, 2026
දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්ය ලේකම් එස්. පෝල් කපූර් මහතා තෙදින සංචාරයක් සඳහා පසුගිය ජූනි 21 වනදා ශ්‍රී ලංකාවට පැමිණියේය.
ශ්‍රී ලංකාවේ සංචාරය අතරතුර, සහකාර රාජ්ය ලේකම් කපූර් මහතා රජයේ ජ්‍යෙෂ්ඨ නායකයින්, පෞද්ගලික අංශයේ විධායක නිලධාරීන් සහ මෙරට එක්සත් ජනපද සමාගම්වල නියෝජිතයින් හමු වී ද්විපාර්ශවික වෙළෙඳාම හා ආයෝජන පුළුල් කිරීම, ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ කලාපයේ හවුල් ප්‍රමුඛතා ඉදිරියට ගෙන යාම පිළිබඳව සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබුණි.
ඒ අනුව ශ්රී ලංකාවේ ක්රියාත්මක වන ප්රමුඛ පෙළේ එක්සත් ජනපද සමාගම්වල නායකයින් හා එස්. පෝල් කපූර් මහතා අතර හමුවක් පසුගිය දා පවත්වා තිබේ. ඒ සඳහා ෂෙව්රොන්, කොකා-කෝලා, මයික්රොසොෆ්ට්, වීසා සහ ජේපී මෝගන් සමාගම්වල මෙරට ප්‍රධානීන් එක්වී ඇත. දේශීය කුසලතා සංවර්ධනය කරමින් සහ ශ්රී ලංකාව විශ්වාසදායක ගෝලීය සැපයුම් දාමයන් සමඟ සම්බන්ධ කරමින් ඇමරිකානු ව්යාපාර, එක්සත් ජනපද - ශ්රී ලංකා හවුල්කාරිත්වයේ ප්රධාන පදනමක් ලෙස කටයුතු කරනු ලබන බව දකුණු හා මධ්යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්ය ලේකම් එස්. පෝල් කපූර් මහතා එම අවස්ථාවේ දී වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Video Story