ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අරමුණින් රුසියානු ඉදිකිරීම් අංශ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක

    July, 26, 2026

    රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සහාය ඇතිවරුසියානු සමූහාණ්ඩුවේ ජාතික ඉදිකිරීම්කරුවන්ගේ සංගමයේ (NOSTROY) ඉහළ මට්ටමේ ව්‍යාපාරික නියෝජිත පිරිසක් 2026 ජූලි 22-25 දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය.

    මෙම  ඉහළ මට්ටමේ නියෝජිත පිරිස 2026 ජූලි 23 වන දින අමාත්‍යාංශයේදීවිදේශ කටයුතුවිදේශ රැකියා සහ සංචාරක වැඩබලන අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර සහ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ හමුවිය. නියෝජිත පිරිස පිළිගනිමින්වැඩබලන අමාත්‍ය හේමචන්ද්‍රශ්‍රී ලංකාව සහ රුසියානු සමූහාණ්ඩුව අතර දිගුකාලීන හා සුහද සබඳතා ඉස්මතු කළ අතර ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතාව පුළුල් කිරීමේ වැදගත්කම අවධාරණය කළේය. මේ සඳහායටිතල පහසුකම් සංවර්ධනයආයෝජන සහ කුසලතා සහිත ශ්‍රම හුවමාරුව යන අංශවල සහයෝගීතාවය වැඩි දියුණු කිරීමෙන් දෙරටටම ප්‍රත්‍යක්ෂ ආර්ථික ප්‍රතිලාභ අත්වන බව වැඩබලන අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය.

    සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහශ්‍රී ලංකාවේ සංචාරක අංශයේවිශේෂයෙන් හෝටල් සංවර්ධනය සහ සංචාරක යටිතල පහසුකම්වල ආයෝජන හැකියාවන් පිළිබඳව අවධාරණය කළේය. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ ආයෝජන මණ්ඩලය (BOI) වැනි අදාළ රාජ්‍ය ආයතන හරහා නිශ්චිත සංචාරක යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිවල විදේශීය ආයෝජකයින්ට ඇති අවස්ථා පිළිබඳව ඔහු නියෝජිතයින්ට පැහැදිලි කළේය.

    උප සභාපති ඇන්ටන් මොරොස්ගේ නායකත්වයෙන් යුත් මෙම දූත පිරිසට ප්‍රමුඛ රුසියානු ඉදිකිරීම් සමාගම්වල ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් සහ තාක්ෂණික විශේෂඥයින් විසිහතර දෙනෙකු ඇතුළත් විය. මෙම සංචාරය අතරතුරදීරුසියානු දූත පිරිසප්‍රවාහනමහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයනාගරික සංවර්ධන අධිකාරිය සහ ආයෝජන මණ්ඩලය සමඟ ද සාකච්ඡා පැවැත්වූහ. යටිතල පහසුකම් සහ නාගරික සංවර්ධන ව්‍යාපෘතිවල ආයෝජන සහ සහයෝගීතාව සඳහා අවස්ථා ගවේෂණය කිරීම මෙම සාකච්ඡාවල අරමුණ විය. රුසියානු සමූහාණ්ඩුවේ සුදුසුකම් ලත් ශ්‍රී ලාංකික ඉදිකිරීම් වෘත්තිකයන් සඳහා රැකියා අවස්ථා පුළුල් කිරීමේ මාර්ග ගවේෂණය කිරීමේ අරමුණින්දූත පිරිසශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ  (SLBFE) නියෝජිතයින්ද හමුවුහ.

    රුසියානු සමූහාණ්ඩුවේ ජාතික ඉදිකිරීම්කරුවන්ගේ සංගමය,  රුසියාවේ සහ ජාත්‍යන්තරව ක්‍රියාත්මක වන ඉදිකිරීම් සමාගම්වලින් අඩකට වඩා නියෝජනය කරන රුසියානු සමූහාණ්ඩුවේ ඉදිකිරීම් අංශයේ විශාලතම සංගමය වේ. රුසියානු ඉදිකිරීම් අංශය තුළ නවෝත්පාදනකර්මාන්ත ප්‍රමිතීන් සහ ජාත්‍යන්තර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමේදී සංගමය ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරයි.

    ආයෝජනයටිතල පහසුකම් සංවර්ධනයසංචාරක ව්‍යාපාරය සහ විදේශ රැකියා ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව පුළුල් කිරීම සඳහා දෙරටේම පොදු කැපවීම මෙම සංචාරය මගින් නැවත තහවුරු කෙරිණි.

    Video Story

    Latest News

    Stock Market

    Exchange Rates