July, 27, 2026
ශ්රී ලංකා මහ බැංකුව විසින් ප්රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (27) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් පිළිවෙලින් රු. 331.66 ක් හා රු. 340.83ක් ලෙසින් වාර්තා වී ඇත.
පසුගිය ජූලි 09 වන දා සිට ඩොලරයේ ගැනුම් මිල රු. 331 මට්ටමේ පවතින අතර විකුණුම් මිල අවස්ථා දෙකක දී හැර රු. 340 මට්ටමේ පැවතුණි. ජූලි 16 හා ජූලි 22 දින දෙක තුළ දී පමණක් ඩොලරයේ විකුණුම් මිල රු. 341 සීමාවට පැමිණ තිබුණි.
මේ අතර ශ්රී ලංකා මහ බැංකුව පවසන්නේ 2026 වසරේ ජූලි 24 දිනෙන් අවසන් වකවානුව තුළ දී ශ්රී ලංකා රුපියල ඩොලරයට සාපේක්ෂව 7.8%කින් අවප්රමාණය වී ඇති බවයි.
Video Story