ලොව හොඳම වෙරළ සංචාරක ගමනාන්ත 50 අතරට ශ්‍රී ලංකාවත්

    July, 27, 2026

    Travel And Tour World (TTW) විසින් නිකුත් කළ 2026 වසරේ ලොව හොඳම වෙරළ සංචාරක ගමනාන්ත 50 ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාව 20 වැනි ස්ථානයට පත්ව තිබේ.

    රන්වන් වැලි තීර, ලෝක ප්‍රසිද්ධ සර්ෆින් වෙරළ, විවිධ මුහුදු ජීව විවිධත්වය සහ සුවිශේෂී වෙරළ සංස්කෘතිය හේතුවෙන් ශ්‍රී ලංකාව මෙම ලැයිස්තුවට ඇතුළත් වී ඇති බව TTW පෙන්වා දේ.

    මෙම ශ්‍රේණිගත කිරීම සඳහා ස්වාභාවික සුන්දරත්වය, සංචාරක අත්දැකීම්, තිරසාර සංචාරක කර්මාන්තය, වෙරළ පද්ධති, ප්‍රවේශ පහසුකම් සහ සංචාරක යටිතල පහසුකම් ඇතුළු කරුණු රැසක් ඇගයීමට ලක් කර තිබේ.

    මෙම ශ්‍රේණිගත කිරීමේ දී නම් කර ඇති ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වෙරළ තීර 10 පහතින් දැක්වේ.

    Sri Lanka's Top 10 Beaches

    1. Unawatuna Beach – Calm waters, coral reef
    2. Mirissa Beach – Whale watching, surfing
    3. Hiriketiya Beach – Horseshoe bay, surfing
    4. Arugam Bay – World-class surf, laid-back
    5. Bentota Beach – Water sports, lagoon
    6. Nilaveli Beach – White sand, clear waters
    7. Uppuveli Beach – Diving, relaxed atmosphere
    8. Goyambokka Beach, Tangalle – Palm-fringed, secluded
    9. Pasikuda Beach – Shallow waters, family-friendly
    10. Dalawella Beach – Palm swings, sheltered lagoon

    මෙම වර්ගීකරණයට අනුව ලොව හොඳම වෙරළ සංචාරක ගමනාන්ත 50 පහත පරිදි වේ.