July, 27, 2026
ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 4.00 පමණ වන විට ගෝලීය වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් කැපීපෙනෙන ලෙස පහළට පැමිණ තිබුණි. ඒ වන විට ගෝලීය නිර්ණායක ලෙස සැලකෙන බ්‍රෙන්ට්, WTI සහ මර්බන් යන බොරතෙල් වර්ග තුනෙහිම බැරලයක මිල, ඩොලර් 90 මට්ටමින් පහළට පැමිණ ඇති ආකාරය නිරීක්ෂණය කළ හැකිවිය.
ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 88.99ක් ලෙසත් WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 83.11ක් ලෙසත් හා මර්බන් බොරතෙල් බැරලයක මිල ඩොලර් 85.20ක් ලෙසත් දැක්වුණු අතර මේවා පිළිවෙලින් පෙර දිනයට සාපේක්ෂව 8.05%ක්, 6.94%ක් හා 12.21%ක් බැගින් වූ සුවිශේෂී මිල පහළ යාම් වේ.