ශ්‍රීලංකන් ගුවන් සේවය Maldivian හා එක්ව සිය ගුවන් මෙහෙයුම් පුළුල් කරයි

    July, 28, 2026

    'Maldivian' (Q2) නමින් මෙහෙයුම් කටයුතු සිදු කරන Island Aviation Services සමඟ ඇති කරගත් අන්තර්-ගුවන් සේවා ගිවිසුමක් (interline agreement) මගින් ශ්රීලංකන් ගුවන් සේවය සිය කලාපීය ගුවන් මෙහෙයුම් ශක්තිමත් කර ඇත. මෙම හවුල්කාරිත්වය මගින් ශ්රීලංකන් ගුවන් සේවයේ මගීන්ට මාලදිවයින පුරා පිහිටි ප්රධානතම දේශීය ගමනාන්ත 17ක් වෙත පහසුවෙන් ප්රවේශ වීමට අවස්ථාව සැලසේ.

    මෙම නව හවුල්කාරිත්වය අනුව, ගුවන් මගීනට එක් ඉලෙක්ට්රොනික ප්රවේශපත්රයක් යටතේ ගුවන් සේවා දෙකම සම්බන්ධ වන අයුරින් ආසන වෙන්කරවා ගැනීමට අවස්ථාව හිමි වේ. මාලේ හි වේලානා ජාත්යන්තර ගුවන් තොටුපොළ සහ ගැන් දූපතේ ගැන් ජාත්යන්තර ගුවන් තොටුපොළ හරහා සිදුවන සියලුම පැමිණීම් සහ පිටවීම් සඳහා මෙය අදාළ වන අතර, එමගින් ආරම්භයේ සිට අවසානය දක්වා බාධාවකින් තොර සුවපහසු සංචාරක අත්දැකීමක් සහතික කෙරේ.

    ශ්‍රීලංකන් ගුවන් සේවයේ ජාත්යන්තර මෙහෙයුම් ජාලය 'Maldivian' හි පුළුල් දේශීය මෙහෙයුම් සමඟ සම්බන්ධ කිරීමෙන්, මාලදිවයින තුළ පිහිටි දුරස්ථ සහ ආකර්ෂණීය දූපත් ගමනාන්ත වෙත ප්රවේශ වීමේ හැකියාව පහසු කරයි. මෙය දූපත් සමූහය තුළ කාර්යක්ෂම හුවමාරුවක් අපේක්ෂා කරන සියලු සංචාරකයන්ට  ප්රතිලාභ ගෙනදෙනු ඇත.

    ශ්‍රීලංකන් ගුවන් සේවය මාලේ හි වේලානා ජාත්යන්තර ගුවන් තොටුපොළ වෙත දිනපතා ගුවන් ගමන් වාර තුනක් සහ ගැන් ජාත්යන්තර ගුවන් තොටුපොළ වෙත සතියකට ගුවන් ගමන් වාර දෙකක් පවත්වාගෙන යමින්, මාලදිවයින වෙත ශක්තිමත් ගුවන් සබඳතාවක් සහතික කරයි. පුළුල් ජාත්යන්තර ගුවන් සේවා ජාලයක් පවත්වාගෙන යන ශ්රීලංකන් ගුවන් සේවය, එම සේවාවන් හරහා සිය ගෝලීය ගමනාන්තයන් වෙත සහ ඉන් ඔබ්බට පහසු ගුවන් සම්බන්ධතා සලසා දෙයි.

    මෙම වැඩසටහන මගින් සංචාරක නියෝජිතයින්, සංචාරක ක්රියාකරුවන්, ආයතනික සංචාර සැලසුම්කරුවන් සහ තනි මගීන් සඳහා නව අවස්ථා උදා කර දෙන අතර, වඩාත් විධිමත් ගුවන් ප්රවේශපත්ර වෙන්කරවා ගැනීමේ පහසුකම් මගින් මගී ගමනාගමනය ඉහළ නැංවීමටත්, මාලේ සහ ගැන් යන ගමනාන්ත දෙකෙහිම විකුණුම් ප්රවර්ධනය කිරීමටත් හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    "Maldivian ගුවන් සේවය සමඟ අප ඇති කරගත් මෙම හවුල්කාරිත්වය, කලාපය තුළ අපගේ මෙහෙයුම් ව්යාප්ත කිරීමේදී සහ පාරිභෝගිකයින්ට ගමන් පහසුව වැඩිදියුණු කිරීමේදී සනිටුහන් වන වැදගත් සන්ධිස්ථානයකි. අපගේ ගෝලීය ජාලය, Maldivian දේශීය ගුවන් සේවා ජාලය සමඟ ඒකාබද්ධ කිරීම මගින්  මාලදිවයින පුරා පුළුල් ප්රවේශයක් ලබා ගැනීමට මෙන්ම ප්රධාන වාණිජ අංශයන්හි වර්ධනය සඳහා නව අවස්ථා උදා කර ගැනීමටත් අපට හැකි වේ." ශ්රීලංකන් ගුවන් සේවයේ වාණිජ ප්රධානී දිමුත් තෙන්නකෝන් මහතා පැවසී ය.

    " Maldivian සමඟ ඇති මෙම අන්තර් මාර්ග හවුල්කාරිත්වය මඟින් මාලේ සහ ගැන් දූපත ඔස්සේ ශ්රීලංකන් ගුවන් සේවයේ ගෝලීය ජාලයට ප්රවේශය විවෘත වන අතර, එය තවත් දේශීය ගමනාන්ත රැසක් දක්වා තවදුරටත් ව්යාප්ත වේ. සංචාරකයින්ට දැන් බාධාවකින් තොරව මාලදිවයින් දූපත් සමූහයේ සැබෑ සුන්දරත්වය අත්විඳිය හැකිය." ශ්රීලංකන් ගුවන් සේවයේ මාලදිවයින කළමනාකාරිනී නයෝමි තෙන්නකෝන් මහත්මිය පැවසී ය.

    ශ්‍රීලංකන් ගුවන් සේවය, codeshare හවුල්කාරිත්වයන් ද ඇතුළුව රටවල් 61ක් පුරා පිහිටි ගමනාන්ත 120ක් වෙත මගීන් සම්බන්ධ කරන අතර, සිය ගුවන් මෙහෙයුම් ජාලය තුළ ප්රධාන ගමනාන්ත 33ක් වෙත සෘජු ගුවන් ගමන් ක්රියාත්මක කරයි. එහි සෘජු ගුවන් සේවා යුරෝපය, ඕස්ට්රේලියාව, මැද පෙරදිග, ඉන්දීය උප මහාද්වීපය, අග්නිදිග ආසියාව සහ ඈත පෙරදිග (Far East) පුරා පිහිටි ගමනාන්ත ආවරණය කරයි. ගුවන් සේවය A330-200/300 සහ A320/321 ගුවන් යානාවලින් සමන්විත එයාර්බස් මාදිලියේ යානා ඇණියක් මගින් සිය මෙහෙයුම් ක්රියාත්මක කරයි.

    වැඩිදුර තොරතුරු සහ වෙන් කිරීම් සඳහා www.srilankan.com වෙත පිවිසෙන්න, නැතහොත් සමාජ මාධ්ය ඔස්සේ සම්බන්ධ වන්න.