කොළඹ උද්ධමනය 7% පනී

    July, 31, 2026

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2026 ජූලි මාසයේ දී තවදුරටත් ඉහළ යමින් 7% මට්ටම ඉක්මවා ගොස් තිබේ.

    ඒ අනුව පසුගිය ජූනි මාසයේ දී සියයට 6.8ක් ලෙසින් වාර්තා වූ කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය 2026 ජූලි මාසයේ දී 7.3%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, ආහාර උද්ධමනය 2026 ජූනි මාසයේ දී වාර්තා වූ සියයට 3.6හි සිට 2026 ජූලි මාසයේ දී සියයට 6.3 දක්වා කැපීපෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.

    ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනයේ අඩුවීමක් ජූලි මාසයේ දී වාර්තා වන අතර ඒ අනුව 2026 ජූනි මාසයේ දී වාර්තා වූ සියයට 8.4 සිට 2026 ජූලි මාසයේ දී 7.8%ක් දක්වා ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටී.