2026 පළමු මාස 06 ඉන්ධන ආනයන වියදම ඩොලර් බිලියන 3.16ක්. 2025ට වඩා 58.8%ක වැඩි වීමක්

    August, 1, 2026

    ප්‍රධාන වශයෙන් පිරිපහදු කළ ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය සඳහා වූ වියදම ඉහළ යෑම පිළිබිඹු කරමින්, 2026 වසරේ ජූනි මාසයේ දී ඉන්ධන ආනයන වියදම සියයට 40.2කින් (වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත) ඉහළ ගිය ද, එම වියදම 2026 වසරේ අප්‍රේල් මාසයේ දී වාර්තා වූ එ.ජ. ඩොලර් මිලියන 886 සිට මැයි මාසයේ දී එ. ජ. ඩොලර් මිලියන 536 දක්වාත්, තවදුරටත් ජූනි මාසයේ දී එ.ජ. ඩොලර් මිලියන 465 දක්වාත් අඛණ්ඩව අඩු විය.

    2026 වසරේ පළමු භාගය තුළ දී සමස්ත ඉන්ධන ආනයන වියදම ආසන්න වශයෙන් එ. ජ. ඩොලර් මිලියන 3,168ක් වූ අතර, එය 2025 වසරේ අනුරූප කාලපරිච්ඡේදය සමඟ සැසඳීමේ දී සියයට 58.8ක (වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත) වැඩි වීමකි.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 2026 ජූනි මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරිත්ව වාර්තාවෙහි මේ බව සඳහන් වේ.