August, 3, 2026
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහකාර මහලේකම් කන්නි විග්නරාජා මහත්මිය සහ කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අතර හමුවත් අද (03) මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
මෙහිදී වත්මන් රජය මගින් මෙරට ආර්ථිකය හසුරවමින් සිටින ආකාරය පිළිබඳ පැසසුම් එක් කළ ඇය, ඉදිරියේ දී ද ශ්‍රී ලංකාව සමග තවදුරටත් සමීපව කටයුතු කරන බව සඳහන් කළාය. මූල්‍ය විනය, විනිවිදභාවය වැනි කරුණු පිළිබඳ වත්මන් රජය සමග කිසිදු විවාදයක් නොමැති බව පෙන්වා දුන් විග්නරාජා මහත්මිය දැනට ක්‍රියාත්මක ආර්ථික ඩිජිටල්කරණ වැඩසටහන පැසසුමට ලක් කළ බව මුදල්, ක්‍රමසම්පාදන හා සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. එහිදී අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා දෙන සහාය අගය කළ අතර මූල්‍ය සහයෝගීතාව, උපදේශකත්වයෙන් ඔබ්බට ගිය සම්බන්ධතාවයක අවශ්‍යතාවය අවධාරණය කර ඇත.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිත අසූසා කුබෝටා සහ එහි ආර්ථික විද්‍යාඥ ආචාර්ය වගීෂා ගුණසේකර යන මහත්මීහු ද මෙම අවස්ථාවට එක් වූහ.
Video Story