August, 4, 2026
කොළඹ නගරයේ උපායමාර්ගිකව ස්ථාපිත කොට ඇති රජයට අයත් බංගලා දේපළ, ඵලදායී පෞද්ගලික අංශ ආයෝජනයක් ලෙසට ඒවායේ ආර්ථික සම්භව්‍යතාවය මුදා හරිනු වස් අරමුණු ඇතිව ඒ සඳහා උනන්දුවක් දක්වන ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව මෙම බංගලා වත්කම්, සිල්ලර වෙළෙඳාම, බුටික් ස්වීට්ස් කැෆේ ආයතන හා අවන්හල් ලෙසට භාවිතය සඳහා සුදුසුකම්ලත් ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවනු ලැබේ.
එහිදී කොළඹ 05 ස්ටැන්මොර් චන්ද්‍රවංකය, පැජට් පාර සහ ස්කෙල්ටන් පාර යන ලිපිනයන් හි පිහිටි බංගලා 6ක් වෙනුවෙන් යෝජනා කැඳවීම සිදුකරනු ලබන බව මුදල් ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ්‍ය පවසයි.
මේ හා සම්බන්ධ සම්පූර්ණ දැන්වීම පහතින් දැක්වේ.

Video Story