මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ ශ්‍රී ලංකාවේ තෙවන අන්‍යෝන්‍ය ඇගයීම පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

    August, 4, 2026

    මුදල් විශුද්ධිකරණය සහ ත්රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීමේ (AML/CFT) ජාත්යන්තර ප්රමිතීන් පිළිබඳව ශ්රී ලංකාව මුහුණ දෙන තෙවන අන්යෝන්ය ඇගයීම (3rd Mutual Evaluation) පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
    ජාත්යන්තර මූල්ය පද්ධතිය තුළ ශ්රී ලංකාවේ විශ්වාසනීයභාවය තහවුරු කෙරෙන මෙම තෙවන ඇගයීම් ක්රියාවලිය සාර්ථක කර ගැනීමට සියලුම රාජ්ය සහ පෞද්ගලික අංශයේ ආයතනවල සක්රීය දායකත්වය අවශ්ය බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
    මීට අදාළ මුල්ය කාර්ය සාධක බලකාය (FATF) හඳුන්වා දුන් නිර්දේශ 40 සම්බන්ධයෙන් වූ තාක්ෂණික අනුකූලතාව සහ එම නිර්දේශ ක්රියාවට නැංවීමේදී දක්නට ලැබෙන ආසන්න ප්රතිඵල 11ක් තුළින් ඇගයෙන සඵලදායීතාව ඇගයීම මෙම අන්යෝන්ය ඇගයීමේදී සිදු කෙරේ.
    ඒ සඳහා වූ ඇගයීම් කණ්ඩායමේ ක්ෂේත්ර නිරීක්ෂණය මේ වසරේදී සිදු කෙරේ. ඒ අනුව ඉදිරි මාස කිහිපය තුළ අදාළ නිර්දේශ විධිමත්ව ක්රියාවට නැංවීමේ අවශ්යතාව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා සියලු ආයතන මනා සම්බන්ධීකරණයකින් යුතුව කටයුතු කිරීමෙන් අදාළ ක්රියාවලිය සාර්ථක කරගත හැකි බවද පෙන්වා දුන්නේය.
    මෙම ඇගයිම් ක්රියාවලිය සඳහා ශ්රී ලංකාව සූදානම් වූයේ 2023 වර්ෂයේ සිට බවත්, පසුගිය වසර දෙක තුළ දැඩි කාල සීමා පනවමින් මෙම සූදානම තීව්ර කර තිබෙන බවත් ශ්රී ලංකා මහ බැංකුවේ නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ.
    මෙය ජාතික මට්ටමේ විගණන ක්රියාවලියක් වන අතර, මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායම විසින් එය සිදු කරනු ලබයි. දේශීයව මෙම ක්රියාවලිය සඳහා පාර්ශ්වකාර රාජ්ය ආයතන 25ක් පමණ සම්බන්ධ වන අතර, එහි සම්බන්ධීකරණ කටයුතු ශ්රී ලංකා මහ බැංකුවේ ස්ථාපිත මූල්ය බුද්ධි ඒකකය විසින් සිදු කරනු ලබයි.
    ජනාධිපතිවරයා විසින් පත් කරන ලද මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්රස්තවාදීන්ට අරමුදල් සැපයීම මැඬ පැවැත්වීම සම්බන්ධයෙන් වූ කාර්ය සාධක බලකාය විසින් අදාළ ඇගයීම් ක්රියාවලියේදී මෙම පාර්ශ්වකරුවන් ක්රියාත්මක කළයුතු ක්රියාකාරී සැලසුම්වල ප්රගතිය අධීක්ෂණය කරනු ලැබේ.
    ඒ අනුව මීට අදාළව ඉදිරිපත් කළ නිර්දේශ සහ ක්රියාකාරී සැලැස්ම අමාත්යාංශ සහ ආයතනික මට්ටමින් ක්රියාත්මක කිරීමේ ප්රගතිය පිළිබඳව මෙහිදී සමාලෝචනය කෙරුණු අතර එහිදී මතුව ඇති ගැටලු සහ ඒවා කඩිනමින් විසඳා ගැනීමට ගත යුතු ක්රියාමාර්ග පිළිබඳවද අවධානය යොමු කෙරිණි.
    මාර්ගගත තාක්ෂණය ඔස්සේ සිදු වන සූදුව (Online Gambling) නැවැත්වීමට ගෙන ඇති ක්රියාමාර්ග සහ ඊට අදාළ නීති පැනවීමේ කටයුතුවල වත්මත් තත්ත්වයද ජනාධිපතිවරයා මෙහිදී විමසීමට ලක් කළේය.
    එමෙන්ම අපරාධයකින් උත්පාදිත දේපළ කළමනාකරණ අධිකාරිය පිහිටුවීමේ කටයුතුවල ප්රගතිය ද මෙහිදී විමසා බැලූ ජනාධිපතිවරයා එම අධිකාරිය වඩාත් ක්රියාකාරී මට්ටමකින් පවත්වාගෙන යාමේ අවශ්යතාව පෙන්වා දුන්නේය. එම අධිකාරිය පිහිටුවීමේ කටයුතු මේ වන විට අවසන් කර තිබෙන අතර කාර්යමණ්ඩල බඳවා ගැනීමේ කටයුතු සිදු කෙරෙන බව නිලධාරීහු මෙහිදි පෙන්වා දුන්හ.
    ඩිජිටල් ආර්ථික නියෝජ්ය අමාත්ය එරංග වීරරත්න, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල්, ක්රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ආරක්ෂක අමාත්යාංශයේ ලේකම් විශ්රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා යන මහත්වරුද, අමාත්යාංශ ලේකම්වරු, නීතිපති පාරින්ද රණසිංහ, පොලිස්පති ප්රියන්ත වීරසූරිය, ජාතික බුද්ධි ප්රධානී මේජර් ජෙනරාල් නලින්ද නියංගොඩ යන මහත්වරුද, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ ආයතනවල ප්රධානීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.