ඩෙල්ෆ්ට් දූපත ශ්‍රී ලංකාවේ ප්‍රථම ආදර්ශමත් Zero Emission පරිසර හිතකාමී සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීමට රජයේ අවධානය

    August, 5, 2026

    සුවිශේෂී ස්වභාවික, ඓතිහාසික හා සංස්කෘතික උරුමයන්ගෙන් අනූන ඩෙල්ෆ්ට් දූපත ශ්‍රී ලංකාවේ ප්‍රථම Zero Emission (ශූන්‍ය විමෝචන) පරිසර හිතකාමී සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ විමර්ශන චාරිකාවක් සහ විශේෂ සාකච්ඡාවක් සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) ඩෙල්ෆ්ට් දූපතේ දී පැවැත්විණි.