August, 5, 2026
මෙම වැඩසටහන, ‘ඩිජිටල් ගෙවීම් තුළින් අනාගතය හැඩගන්වමු’ යන තේමාව යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මූල්‍ය ආයතන සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සමඟ එක්ව දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන ජාතික ප්‍රවර්ධන වැඩසටහන් මාලාවේ තවත් එක් පියවරකි. මීට පෙර හම්බන්තොට, නුවරඑළිය, දඹුල්ල, කුරුණෑගල සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල මෙවැනි වැඩසටහන් සාර්ථකව පැවැත්වූ අතර, ඒවා මඟින් ඩිජිටල් ගෙවීම් පිළිබඳ පුළුල් දැනුවත්භාවයක් ඇති කිරීමටත්, ව්‍යාපාරිකයන්ට හා මහජනතාවට ඒවායේ පහසුව සහ ප්‍රතිලාභ සෘජුව අත්විඳීමටත් අවස්ථාව සැලසුණි.
මෙම වැඩසටහනේදී බැංකු, මූල්‍ය සමාගම් සහ ජංගම දුරකථන පදනම් කරගත් විද්‍යුත් මුදල් සේවා සපයන්නන් ඇතුළු මූල්‍ය ආයතන විසින් මහජනතාවට විවිධ ඩිජිටල් ගෙවීම් සේවාවන් සඳහා ලියාපදිංචි වීම සහ ඒවා කාර්යක්ෂමව භාවිත කිරීම සඳහා පුද්ගලික මාර්ගෝපදේශනය සහ සහාය ලබාදෙනු ඇත. එමෙන්ම, මූල්‍ය ආයතන සහ ලංකාපේ එක්ව යාපනය නගරයේ ව්‍යාපාරික ආයතන වෙත ගොස් LANKAQR ගෙවීම් අත්පත් කරගැනීමේ පහසුකම ලබා දීමේ විශේෂ වැඩසටහනක් ද ක්‍රියාත්මක කරනු ඇත.
යාපනය ප්‍රදේශයේ මහජනතාවට සහ ව්‍යාපාරික ප්‍රජාවට මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් ඩිජිටල් ගෙවීම් පිළිබඳ තම දැනුම වැඩිදියුණු කර ගැනීමටත්, මූල්‍ය ආයතන විසින් ලබාදෙන පුද්ගලික මාර්ගෝපදේශනය සහ සහාය ඇතිව ඩිජිටල් ගෙවීම්වල පහසුව සහ ප්‍රතිලාභ අත්විඳීමටත් ශ්‍රී ලංකා මහ බැංකුව ආරාධනා කරයි.
Video Story