හල්පේ තේ ජාතික අපනයන මණ්ඩල සම්මාන උළෙලේදී සම්මාන හයකින් පිදුම් ලබයි

    October, 5, 2016

    මෙරට අපනයන සහ සංචාරක ක්ෂේත්‍රයේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක්වන U.H.E. සමූහය විසින් නිෂ්පාදනය කරනු ලබන ලොව කීර්තිමත් හල්පේ තේ පසුගියදා නිමා වූ ජාතික අපනයන මණ්ඩල (NCE) සම්මාන උළෙලේදී සම්මාන හයකින් පිදුම් ලැබුවේය. විශේෂිත සම්මාන මෙන්ම, පළමු වරට ප්‍රදානය කෙරුණු පැට්‍රික් අමරසිංහ අභියෝගතා කුසලානය ද මෙවර හල්පේ තේ සඳහා හිමි වීම විශේෂත්වයකි.

    දේශීය සහ අන්තර්ජාතික වෙළඳපල තුළ සුවිශේෂී දස්කම් විදහා පාමින් මෙරට ආර්ථිකයට කැපී පෙනෙන දායකත්වයක් ලබා දෙන අපනයනකරුවන් ඇගයුමට ලක් කිරීම සඳහා ජාතික අපනයන මණ්ඩල සම්මාන උළෙල වාර්ෂිකව සංවිධානය කෙරේ.

    ස්වාධීන සම්මාන විනිශ්චය මණ්ඩලයක් විසින් සම්මාන ලාභීන් තෝරා ගැනෙන මෙම සම්මාන උළෙල මෙවර සංවිධානය කෙරුණේ 24 වරටය.
    නැවුම් තේ අපනයනයේ සහ සෘජු අලෙවියේ නිරත හල්පේ තේ තොග තේ හd අගය එකතු කළ තේ ඛාණ්ඩ යටතේ රන් සම්මාන ද, තොග තේ ඛාණ්ඩය යටතේ විශිෂ්ටතම අපනයනකරු යන රන් සම්මානය ද, විශිෂ්ටතම සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරු ලෙස රන් සම්මානය ද අදාළ කර්මාන්ත අංශයේ වඩාත් නවෝත්පාදන අපනයනකරු ලෙස රිදී සම්මානය ද පළමු වරට පිරිනැමුණු "පැට්‍රික් අමරසිංහ අභියෝගතා කුසලානය" ද හිමිකර ගැනීමට සමත් විය.

    සිය නිෂ්පාදන නව්‍යකරණය සහ ව්‍යවසාය විශිෂ්ටත්වය තුළින් අපනයන සහ ව්‍යාපාරික සීමා මායිම් පුළුල් කරන සමාගමක් ලෙස හල්පේ තේ සමාගම දෙස්-විදෙස් කීර්තියට පත්ව සිටී.

    "මෙවැනි සම්මාන මගින් සමාගමේ අපනයන ශක්‍යතාව පමණක් නොව, හල්පේ තේ සතු නවෝත්පාදන, ව්‍යවසායකත්ව සහ කාර්යමණ්ඩල කැපවීම ද මනාව පිළිබිඹු වන බැවින් අප මෙය ගෞරවයක් කොට සලකනවා." හල්පේ තේ ප්‍රධානී (U.H.E. Exports) සහ U.H.E. සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ එරන්ද අබේරත්න මහතා සඳහන් කළේය.

    "මෙය පවුලේ ව්‍යාපාරයක් වුව ද අපගේ කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ නොමඳ කැපවීම සහ උනන්දුව මෙවැනි සම්මාන පිටුපස ඇති පදනම බව සඳහන් කළ හැකියි. අපගේ සියලු ම කාර්යමණ්ඩල සාමාජිකයන් අපගේ නිෂ්පාදන සමග බැඳී සිටින අතර පාරිභෝගිකයන් හට විශ්වාසයෙන් යුතුව එය ලබා දීමට ද නොපැකිලිව කටයුතු කරනවා." අබේරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    වත්මන් සභාපති ඒ.පී.ඩී. අබේරත්න මහතා විසින් 1971 වසරේදී ආරම්භ කරන ලද U.H.E. සමූහය වර්තමානය වන විට Uva Halpewatte Tea Factory, Uva Greenland Estates සහ Uva Halpe Estate Plantations ඇතුළු තේ වතු හතරක මෙහෙයුම් කටයුතු සිදු කරයි.

    සංචාරක ක්ෂේත්‍ර දක්වා සිය ව්‍යාපාරික කටයුතු විවිධාංගීකරණය කර අථිඋ මෙම සමූහය, 98 Acres Resort සහ Secret Hotels වැනි සම්මානිත සන්නාම රැසකට ද හිමිකම් කියයි.

    හල්පේ තේ සමාගම කුවේට්, චීනය, කොරියාව, ජපානය, ඔස්ට්‍රේලියාව, ප්‍රංශය සහ යුරෝපා රාජ්‍යයන් සඳහා සිය නිෂ්පාදන අපනයනය කරයි.
    "මෙවැනි ජයග්‍රහණ සමගින් අප වඩාත් සුබවාදී අනාගතයක් වෙත පියමං කරමින් සිටිනවා." අබේරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.