මෙරට ප්‍රථම Zero-Waste කුරුඳු සැකසුම් මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් තබයි

    August, 5, 2026

    මෙරට ප්රථම අපද්රව්ය ශුන්ය කුරුඳු සැකසුම් මධ්යස්ථානය (Zero-Waste Cinnamon Processing Center) ස්ථාපිත කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම ඊයේ (04) විද්යා හා තාක්ෂණ අමාත්ය මහාචාර්ය ක්රිෂාන්ත අබේසේන මහතාගේ ප්රධානත්වයෙන් කාර්මික තාක්ෂණ ආයතනයේදී සිදු කෙරිණි. විද්යා හා තාක්ෂණ අමාත්යාංශය, කාර්මික තාක්ෂණ ආයතනය (ITI) සහ රුහුණු විශ්වවිද්යාලයීය කෘෂිකර්ම පීඨය එකතුවෙන් මෙම වැදගත් ව්යාපෘතිය ක්රියාත්මක වේ.
    ලොව පුරා ඉහළම පිළිගැනීමක් ඇති ලංකා කුරුඳු කර්මාන්තය මෙතෙක් මුහුණ දී ඇති ඉහළ සැකසුම් පිරිවැය සහ ජෛව ස්කන්ධ අපද්රව්ය නිසි පරිදි ප්රයෝජනයට නොගැනීම වැනි අභියෝගවලට මෙයින් ස්ථිර විසඳුමක් ලැබෙනු ඇත. මාපලාන පිහිටි රුහුණු විශ්වවිද්යාලයීය කෘෂි විද්යා පීඨ පරිශ්රයේ ස්ථාපිත කෙරෙන මෙම නවීන මධ්යස්ථානය හරහා, අස්වැන්න නෙළන ලද කුරුඳු ගසේ සෑම කොටසක්ම කිසිදු අපද්රව්යයකින් තොරව වටිනා නිෂ්පාදන බවට පරිවර්තනය කිරීමට හැකියාව ලැබේ.
    විද්යාත්මක පර්යේෂණ සැමවිටම රටේ ආර්ථිකයට සහ සමාජයේ යහපැවැත්මට දායක විය යුතු අතර, මෙම බහු පාර්ශ්වික සහයෝගීතාව අගය එකතු කළ ලංකා කුරුඳු නිෂ්පාදන සංවර්ධනයේ හා වාණිජකරණයේ සුවිශේෂී ඉදිරි පිම්මක් වනු ඇත.
    මෙම අවස්ථාවට විද්යා හා තාක්ෂණ අමාත්යාංශයේ වැඩබලන ලේකම් මහේෂ් ගම්මන්පිල, අධ්යක්ෂ ජනරාල් (පර්යේෂණ) ගීතානි කුරුප්පුආරච්චි, කාර්මික තාක්ෂණ ආයතනයේ සභාපති මහාචාර්ය සරත් මලවිපතිරණ, අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ඉල්මි හේවාජුලිගේ, රුහුණු විශ්වවිද්යාලයේ උප කුලපති මහාචාර්ය පී.ඒ. ජයන්ත, කෘෂිකර්ම පීඨාධිපති මහාචාර්ය ජගන්ත ජයසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක් වූහ.