August, 5, 2026
මැදපෙරදිග යුද්ධයේ ආරම්භයත් සමඟින් මන්දගාමී වූ කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ක්රියාකාරීත්වයේ අසාමාන්‍ය වර්ධනයක් අද (05) දිනයේ දී දැකගත හැකි විය.
එහිදී වාර්තාගත ලෙස රු. බිලියන 8.47ක ගනුදෙනු පිරිවැටුමක් අද දිනයේ දී වාර්තා වීම සුවිශේෂී සිදුවීමකි. එය වසරේ මේ දක්වා සාමාන්‍ය දෛනික පිරිවැටුම වූ රු. බිලියන 4 මෙන් දෙගුණයක ප්‍රමාණය ඉක්මවා යාමකි.
මෙලෙස විශාල දෛනික පිරිවැටුමක් සඳහා ප්‍රධාන වශයෙන් ගිවිසා ගනු ලැබූ ගනුදෙනු දෙකක් හේතු වූ අතර එහිදී කාගිල්ස් (සිලෝන්) පීඑල්සී හි රු. බිලියන 4.07ක හා හේලීස් පීඑල්සී හි රු. බිලියන 2.01ක ගනුදෙනු වාර්තා විය. මීට අමතරව සාමාන්‍ය වෙළෙඳපොළ ගනුදෙනු හරහා කොමර්ෂල් ක්‍රෙඩිට් සමාගමේ කොටස් ගනුදෙනු තුළින් රු. මිලියන 727ක පිරිවැටුමක් වාර්තා වීම කැපීපෙනෙුණි.
මිල දර්ශකවල ඉහළ යාමක් ද දිනය තුළ වාර්තා වූ අතර එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 87.06කින් ඉහළ ගොස් ඒකක 21,166.94ක් ලෙසත් S&P SL20 දර්ශකය ඒකක 8.15කින් ඉහළ ගොස් ඒකක 5,945.09ක් ලෙසත් දිනයේ ගනුදෙනු අවසානයේ දී වාර්තා විය.
Video Story