සිංගප්පූරුවේ Aditya Birla සමාගමට ගල් අඟුරු, පෙට්‍රල්, බොරතෙල් කොන්ත්‍රාත්තු රැසක්

    August, 11, 2026

    2026/2027 කාලසීමාව සඳහා නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු මෙට්‍රික්ටොන් මිලියන 2.28 (±10%) ප්‍රසම්පාදනය කිරීම පිණිස 2026-03-30 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. එසේම, සැපයුමට බාධාවක් වීමේ අවදානම වළක්වා ගනිමින් රට තුළ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීමට හැකි වන පරිදි ගල්අඟුරු සැපයීම් වාරයක් සඳහා ගල්අඟුරු සැපයුම්කරුවන් දෙදෙනෙකු තෝරා ගැනීම පිණිස ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව විසින් එකඟතාව ලබා දී ඇත. ඒ අනුව, ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇති අතර, ලංසු 09ක් ලැබී තිබේ. එම ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව එකී ප්‍රසම්පාදනය පහත සඳහන් පරිදි ප්‍රදානය කිරීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

     

    ලංසුකරු ගල්අඟුරු ප්‍රමාණය
    Aditya Birla Global Trading (Singapore) Pte. Ltd. 70% මෙට්‍රික්ටොන් මිලියන 1.596 (±10%)
    Mohit Minerals Limited (India) 30% මෙට්‍රික්ටොන් මිලියන 0.684 (±10%)

     

    මේ අතර ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් පෙට්‍රල් 92 Unl, මර්බන් වර්ගයේ බොරතෙල් සහ ඩීසල් (0.05% M.S.) දිගුකාලීන කොන්ත්‍රාත්තු යටතේ මිල දී ගැනීම පිණිස එම සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන් වෙතින් සීමිත ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇත. ඒ අනුව ඉදිරිපත් වූ ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටු විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව, සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරුවන් වෙත පහත පරිදි එකී ප්‍රසම්පාදනයන් පිරිනැමීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

    ඛනිජතෙල් නිෂ්පාදනය සහ ප්‍රමාණය ලද ලංසු සංඛ්‍යාව නිර්දේශිත ලංසුකරු කොන්ත්‍රාත් කාලසීමාව
    01. පෙට්‍රල් 92 Unl - බැරල් මිලියන 1.2 ± 5% 4 M/s. Aditya Birla Global Trading (Singapore) Pte. Ltd., Singapore 2026-09-01 සිට 2027-02-28 දක්වා
    02. මර්බන් වර්ගයේ බොරතෙල් - බැරල් මිලියන 2.8 ± 5% 4 M/s. Aditya Birla Global Trading (Singapore) Pte. Ltd., Singapore 2026-11-01 සිට 2027-02-28<br>දක්වා
    03. ඩීසල් (0.05% M.S.) - බැරල් මිලියන 1.12 ± 5% 6 M/s. Vitol Asia Pte. Ltd., Singapore 2026-09-01 සිට 2027-02-28 දක්වා