ඩොලරය තවත් පහළට. අද විකුණුම් මිල රු. 338.57 යි

    August, 13, 2026

    මැදපෙරදිග යුද්ධය ආරම්භයත් සමඟම උද්ගත වූ ගෝලීය අවිනිශ්චිතතාවන් හි ප්‍රතිඵලයක් ලෙස දිගින් දිගටම එක්සත් ජනපද ඩොලරය හමුවේ අවප්‍රමාණය වීමක් වාර්තා කළ ශ්‍රී ලංකා රුපියල, මේ වන විට ක්‍රමයෙන් අතිප්‍රමාණය වන ආකාරයක් පෙන්නුම් කරයි.

    ඒ අනුව අද (13) වන විට ඩොලරයේ ගැනුම් මිල රු. 329.43ක් හා විකුණුම් මිල රු. 338.57ක් දක්වා පහළ ගොස් ඇත.

    ඊයේ (12) දිනයේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් දැක්වුණේ පිළිවෙලින් රු. 329.94ක් හා රු. 339.03ක් ලෙසිනි

    මේ අතර අද දින ඩොලරයේ මධ්‍ය අගය වාර්තා වූයේ රු. 334.33ක් ලෙසයි.

    ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ පසුගිය අගෝස්තු 07 වනදා වන විට ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට එරෙහිව 7.6%කින් අවප්‍රමාණය වී ඇති බවයි. 2026 ජූනි 26 වන විට රුපියලේ අවප්‍රමාණය වීම 8%ක් ලෙසින් වාර්තා වී තිබිණ.