August, 13, 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවල ඉහළ සක්‍රීය බවක් අද (13) දින නිරීක්ෂණය විය.
ප්‍රධාන වශයෙන් මෙම සතිය තුළ සමාගම් ගණනාවකම 2026 ජූනි කාර්තුවේ මූල්‍ය ප්‍රතිඵල නිකුත් වීමත්, ඊට සාපේක්ෂව ආයෝකයින්ගේ ක්‍රියාකාරීත්වය තරමක් දුරට ඉහළ යාමත් හමුවේ මෙම සක්‍රීයභාවය දක්නට ලැබෙන බව වෙළෙඳපොළ විශ්ලේෂකයින් පෙන්වා දේ.
ඒ අනුව අද (13) දිනයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 120.43කින් ඉහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 31.85කින් ඉහළ යන ලදී. දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 21,539.00ක් ලෙසත් S&P SL20 දර්ශකය ඒකක 6,032.09ක් ලෙසත් ඒ අනුව වාර්තා විය.
ඩයලොග් ආසියාටා, කාගිල්ස් (සිලෝන්) DFCC, NDB, සහ ඇක්සෙස් ඉංජිනියරින්ග් යන සමාගම්වලින් සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට දිනය තුළ ඉහළ දායකත්වයක් ලැබී තිබුණි.
අද දින ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 2.77කි. එහිදී සම්පත් බැංකුව (රු. මිලියන 829), සියෙරා කේබල් (රු. මිලියන 280), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (රු. මිලියන 136) සහ කාගිල්ස් (රු. මිලියන 131) යන සමාගම් දෛනික පිරිවැටුමට රු. මිලියන 100 ඉක්මවා දායකත්වයක් ලබා දීමට සමත්විය.
Video Story