ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කෙරෙන නව ආයෝජන රැසක් සඳහා ඕස්ට්‍රේලියානු ආයෝජකයින්ගෙන් පූර්ණ එකඟතාව

    August, 17, 2026

    ​මෙරට කර්මාන්ත, කෘෂිකාර්මික හා තිරසාර බලශක්ති ක්ෂේත්ර නගාසිටුවීම ඉලක්ක කරගනිමින්, ඕස්ට්රේලියාවේ ප්රමුඛ පෙළේ ආයෝජකයින් සහ ව්යවසායකයින් පිරිසක් සමඟ පැවති විශේෂ ආයෝජන සාකච්ඡා වටය සාර්ථකව අවසන් වූ බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
    සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරන අතර එහි වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.
    ​ශ්රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) නියෝජ්ය අධ්යක්ෂ ජනරාල්වරයා සහ ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපතිවරයා ඇතුළු රාජ්ය නියෝජිත පිරිස සමඟ එක්ව පැවති මෙම හමුවේදී තිරසාර බලශක්ති විසඳුම්, පරිසර හිතකාමී රෙදිපිළි තාක්ෂණය, වාණිජ කිරි ගොවිපළ හා පශු සම්පත් සංවර්ධනය, ඒකල කාර්මික ජනපදයේ ප්රතිචක්රීකරණ ප්ලාස්ටික් ආශ්රිත නවීන තාක්ෂණික කර්මාන්තශාලා, ජලජීවී වගා සහ පරිසර හිතකාමී සංචාරක ව්යාපෘති ඇතුළු ක්ෂේත්ර ගණනාවක් පිළිබඳව සාකච්ඡා කෙරිණි.
    ​විනිවිදභාවයෙන් යුතු, විශ්වාසනීය සහ ආයෝජන හිතකාමී පරිසරයක් ශ්රී ලංකාව තුළ නිර්මාණය වී ඇති බව තහවුරු කරමින්, මෙම සියලු ව්යාපෘති කඩිනමින් ක්රියාත්මක කිරීමට අවශ්ය රාජ්ය අනුග්රහය සහ පහසුකම් ලබාදීමට අපි සූදානම්.