October, 11, 2016
ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන ප‍්‍රමුඛතම මූල්‍ය ආයතනයවන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම තම ප‍්‍රචාරණ කටයුතු පුළුල්කිරීමට නව මුහුණුවරක නවීන තාක්ෂණික උපාංගවලින් හා විනෝදාත්මක කී‍්‍රඩා අංගයන්ගෙන් සමන්විත ප‍්‍රචාරණ රථයක් පසුගියදා හඳුන්වා දුණි. මෙම අවස්ථාවට පීපල්ස් ලීසිං සමාගමේ ප‍්‍රධාන විධායක/සාමාන්‍යාධිකාරී ඩී.පී. කුමාරගේ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය සහභාගි විය. නව ප‍්‍රචාරණ රථය හඳුන්වාදීමට සමගාමීව පීපල්ස් ලීසිං සමාගමේ අලෙවි අංශයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ප‍්‍රචාරණ වැඩසටහනක්ද එදින දවස පුරා කොළඹ බොරැල්ලේ පිහිටි පීඑල්සී ඔටෝ සෝන් හි පැවැත්විණ.
ප‍්‍රාසාංගික මුහුණුවරකින් ප‍්‍රචාරණය කටයුතු සිදුකළ හැකි නව ප‍්‍රචාරණ රථය හඳුන්වාදීමේ අවස්ථාවට එක් වූ පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්) ලයනල් ප‍්‍රනාන්දු මහතා පැවසුවේ “පීපල්ස් ලීසිං සමාගමේ ප‍්‍රචාරණ විධි කාලානුරූපව වෙනස්කිරීම අප සමාගමේ මූලෝපායක්. එයට අනුව වඩාත් වින්දනීය ස්වරූපයෙන් අප සමාගමේ මූල්‍ය නිෂ්පාදන හඳුන්වාදීමට මෙම නවතම ඇසිදිසි ප‍්‍රචාරණ රථයෙන් අපට හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම පීපල්ස් ලීසිං ශාඛා ජාලය පුලූල්කිරීමේ වැඩසටහන යටතේ විවෘත කෙරෙන නව ශාඛා ඇරඹෙන ප‍්‍රදේශවල ජනතාවට වින්දනීය අත්දැකීමක් සමග අපේ මූල්‍ය නිෂ්පාදන හඳුනාගැනීමේ අවස්ථාව මෙම නව ප‍්‍රචාරණ රථයෙන් හැකිවනු ඇත“ යන්නය.
ශී‍්‍ර ලංකාවේ විශාලතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත සමාගමක් ලෙසින් 1995 දී ඇරඹූ පීපල්ස් ලීසිං සමාගම ෆිච් රේටිංස් ලංකා දේශීය ණය ශ්‍රේණිගතකිරීම් අනුව AA - (lka) ඉහළම ණය ශ්‍රේණිගතය හිමි මූල්‍ය සමාගමක් වේ. ජාත්‍යන්තර ණය ශ්‍රේණිගතකිරීම් 2ක් හිමි එකම මූල්‍ය සමාගම මෙන්ම ආසියාවේ වඩාත් විශ්වසනීය මූල්‍ය සන්නාම අතරට එක්වීමටද පීපල්ස් ලීසිං සමාගම සමත්ව සිටී.
Video Story