ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ශ්‍රම සහයෝගීතාව ශක්තිමත් කෙරේ

    September, 15, 2026

    ශ්රී ලංකාව සහ තායිලන්තය අතර ශ්රම සහයෝගීතාව සහ ශ්රී ලාංකික ශ්රමිකයන් තායිලන්තයේ රැකියා සඳහා යොමු කිරීම සම්බන්ධ වැදගත් ගිවිසුම් ඊයේ (14) බැංකොක් නුවර දී අත්සන් කෙරිණ.
    ඒ විදේශ කටයුතු, විද‌ේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත් මහතාගේ සහභාගීත්වයෙනි.
    මෙම ගිවිසුම් මඟින් ශ්රී ලාංකික ශ්රමිකයින්ගේ අයිතිවාසිකම්, සුබසාධනය සහ ආරක්ෂාව තහවුරු කරන අතර, ආරක්ෂිත, විධිමත් සහ දෙරටටම ඵලදායී රැකියා අවස්ථා සඳහා මඟ පෑදේ.
    තායිලන්තයේ පවතින ශ්රම අවශ්යතා සපුරාලීම සඳහා මුල් අදියරේ දී ශ්රී ලාංකිකයන් 10,000 කට රැකියා අවස්ථා ලබා දීමට තායිලන්ත රජය අනුමැතිය ලබාදී ඇත.
    විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණය සහ සංචාරක ක්ෂේත්රය ඇතුළු ක්ෂේත්රවල ශ්රී ලාංකික තරුණ පරපුර සඳහා පුහුණු රැකියා අවස්ථා තවදුරටත් පුළුල් කිරීමටද අවස්ථාව සැලසෙනු ඇත.
    ශ්රී ලාංකිකයන් සඳහා විදේශ රැකියා අවස්ථා විවිධාංගීකරණය කිරීමේත්, ශ්රී ලංකාව සහ තායිලන්තය අතර දිගුකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේත් වැදගත් පියවරක් ලෙස මෙම ගිවිසුම් හැඳින්විය හැකිය.