2026 දෙවන කාර්තුවේ ආර්ථික වර්ධන වේගය 4.2%ට බසී

    September, 15, 2026

    2026 දෙවන කාර්තුවේ දී මෙරට ආර්ථිකය 4.2% කින් වර්ධනය වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

    2026 දෙවන කාර්තුව සඳහා නිෂ්පාදන ප්‍රවේශය යටතේ පවත්නා මිල ගණන් සහ ස්ථාවර මිල (2015) ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක ඇස්තමේන්තු කර ප්‍රකාශයට පත් කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කරයි.

    මේ අතර 2026 දෙවන කාර්තුවේ දී කෘෂිකාර්මික කටයුතු 2.3% ක පසුබෑමක් වාර්තා කර ඇති අතර කර්මාන්ත ආර්ථික කටයුතු හා සේවා ආර්ථික කටයුතු පිළිවෙලින් 7.3%ක් සහ 2.7%ක් වශයෙන් ධන වර්ධනයන් වාර්තා කර ඇත.

    2026 පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය 5.1%ක වර්ධනයක් අත්පත් කර ගෙන තිබුණු පසුබිමක මෙලෙස 2026 දෙවන කාර්තුවේ දී ආර්ථික වර්ධන වේගය 4.2%ක් දක්වා පහළ ගොස් තිබේ.