Disrupt Asia මෙවරත්

    September, 15, 2026

    ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ GovTech Sri Lanka (Pvt) Ltd. විසින් 'Disrupt Asia ‑ 2026' යනුවෙන් ජාතික තාක්ෂණ සමුළුවක් සහ නවෝත්පාදන උළෙලක් පැවැත්වීමට සැලසුම් කරනු ලැබ ඇත. ව්‍යාපාර ආරම්භක තරගාවලියක්, විවිධ තේමා යටතේ ප්‍රධාන සැසි, ප්‍රදර්ශනයක්, ජාලගතවීමේ උත්සවයක් සහ වෙනත් අනුබද්ධ වැඩසටහන් ඇතුළත් දෙදින වැඩසටහනක් වශයෙන් එම සමුළුව සහ උළෙල පැවැත්වීමට අපේක්ෂා කරනු ලබයි. ඒ සඳහා අමාත්‍යාංශ, රජයේ ආයතන, පෞද්ගලික අංශය, කර්මාන්ත ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන්, ශාස්ත්‍රීය ක්ෂේත්‍රය, සංවර්ධන හවුල්කරුවන් සහ ජාත්‍යන්තර සංවිධාන ඇතුළු ප්‍රධාන පාර්ශ්වකරුවන් රැසක් සහභාගි වීමට නියමිතය.

    'Disrupt Asia - 2026' සමුළුව සහ උළෙල පැවැත්වීම සඳහා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපායමාර්ගික හවුල්කරුවෙකු වශයෙන් කටයුතු කිරීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකා කාර්යාලය විසින් සිය කැමැත්ත සහ සූදානම ප්‍රකාශ කර ඇත.

    ඒ අනුව, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකා කාර්යාලය උපායමාර්ගික හවුල්කරුවෙකු ලෙස සම්බන්ධ කර ගනිමින් 'Disrupt Asia ‑ 2026' ජාතික තාක්ෂණ සමුළුව සහ නවෝත්පාදන උළෙල පැවැත්වීම පිණිස ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා වශයෙන්  ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.