September, 16, 2026
2026 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව මිලියන 1.6 සීමාව ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන අනාවරණය කරයි.
2026 සැප්තැම්බර් මාසයේ මුල් දින 14 තුළ විදෙස් සංචාරකයින් 74,637ක් මෙරටට පැමිණීමත් සමඟ මේ දක්වා 2026 වසර තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයින් ප්‍රමාණය 1,609,759ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙහි ඇති විශේෂත්වය නම් වසරේ මේ දක්වා පැමිණ ඇති සංචාරකයින්ගෙන් 25%ක්ම පැමිණ ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙන් වීමයි. එම අගය සංඛ්‍යාත්මකව 408,024ක් වේ. මේ අතර සැප්තැම්බර් මාසයේ මේ දක්වා පැමිණ ඇති සංචාරකයින්ගෙන් 30%ක් හෙවත් 22,541ක්ම ඉන්දියාවෙන් මෙරටට පැමිණ තිබීම විශේෂත්වයකි.




Video Story